අභියෝග මැද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙල රනින් බබලවති!

[vc_row][vc_column][vc_column_text]නේපලයේ කත්මණ්ඩු නුවර පැවත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරඟ අද දින (7) නිමාවට පත් වූ අතර මලල ක්‍රීඩා ඉසව්වලදී විශිෂ්ඨ දක්ශතා දක්වමින් තරඟාවලියේ කැපී පෙනන දස්කම් පැන්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමත් විය.

1991 වසරින් පසු එනම් වසර 28කට පසු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක රන් පදක්කම් 15ක් දිනාගත් ප්‍රථම අවස්තාව මෙය වූ අතර රන්පදක්කම් 15ක්ද රිදි පදක්කම් 11ක් ද ලෝකඩ පදක්කම් 8ක්ද දිනාගනිමින් ප්‍රභල ඉන්දියාවද, සත්කාරක නේපාලයද අභිබවමින් මෙවරක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අංශයේ දැවැන්තයින් වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟාවලිය ආරම්භයට පෙරම රන් පදක්කම් බලාපොරොත්තුවෙන් සිටි ක්‍රීඩකයන් කිහිපයක් ආබාධ වලට ලක් වෙද්දී තරඟාවලිය සඳහානේපාලයට පැමිණියට පසුවද නිසි නවාතැන් පහසුකම් පවා නොලැබී විවිධාකර අපහසුතාවයන්ට ලක් වෙද්දී ඒ සියල්ලම ආශිර්වාදයක්කරගනිමින් මේ ලබා ගත් ජයග්‍රහණයට නිසි ගෞරවය ලැබිය යුතුමය! දිනාගත් රන් පදක්කම් 15 අතර මීටර 100 X 4 සහය දිවීම කාන්තා පිරිමි ඉසව්, මීටර 400 කාන්තා සහ පිරිමි ඉසව්, මීටර 400 X 4 කාන්තා පිරිමි ඉසව්, මීටර 800 කාන්තා පිරිමි ඉසව්, මැරතන් කාන්තා පිරිමි ඉසව්, මීටර 1500 කාන්තා, මීටර 5000 කාන්තා කාන්තා වැනිප්‍රධානතම මලල ක්‍රීඩා ඉසව් ඇතුලත් විය.

මලල ක්‍රීඩා රන් පදක්කම් දඩයම නිලානි රත්නායක විසින් මීටර 5000 සහ මීටර 1500 ජයග්‍රහණය කරමින් අරඹද්දී නව දකුණු ආසියානුතරඟ වාර්තාවක්ද තබමින් සහය දිවීමේ උද්වේගකරම තරඟය වූ මීටර 100 සහය දිවීමේ තරඟය තත්පර 39.14කින් අවසාන කරද්දීතත්පර 44.89කින් කාන්තා මීටර 100 සහය දිවීමේ තරඟයද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම තරඟාවලියේ කැපී පෙනෙනම ක්‍රීඩිකාව වූ ඩිල්ශි කුමාරසිංහ එක්ම දිනයේ රන් පදක්කම් තුනකින් ලක්මව බැබිලවීමට සමත් වූයේමීටර 400, මීටර 800 සහ මීටර 400 සහය දිවීමේ ඉසව් තුනම ජයග්‍රහණය කිරීමෙනි. එම මීටර් 800 ඉසව්වේම රිදී පදක්කම හිමිකරගැනීමට ගයන්තිකා විජේරත්න සමත් විය. 

නේපලයේ සිටියදී රෝගාතුර වූ ඉඳුනිල් හේරත්ද අසනීප තත්වය නොතකිමින් මීටර 800 ඉසව්ව ජයග්‍රහණය කලේ තම මව්බිම වෙනුවෙන් සිය කාර්යභාරය ඉටු කරමිනි.එයට අමතරව හෙල්ල විසීකිරීමේ රන් පදක්කම හිමි කර ගැනීමටද යගුලිය විසි කිරීමේ රිදී පදක්කම හිමිකරගැනීමටද ශ්‍රී ලංකාක්‍රීඩිකාවන් සමත් විය.

මලල ක්‍රීඩා වලට අමතරව පිහිනුම් සහ බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව් වලින් ද පදක්කම් රැසක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ක්‍රිකට්, පාපන්දු වැනි කණ්ඩායම් තරඟ වල අවසාන මහ තරඟ හෙට හා අනිද්දා දින පැවත්වීමට නියමිතය. දැනට සමස්ත පදක්කම් සටහනේ ප්‍රහල ඉන්දියාව සහ සත්කාරක නේපාලයට පිටුපසින් ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ රැඳී සිටී. තරඟාවලිය 10 වනදින අවසාන වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top