අල්සාරි ජෝසෆ්ට තරග දෙකක තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අල්සාරි ජෝසෆ්ට තරග දෙකක තහනමක් පැනවීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර ති‌බෙනවා.ඒ එක්දින ක්‍රිකට් නායක ෂායි හෝප් සමගින් උණුසුම් වචන හුවමාරුවක පැටලීය හේතුවෙන්.


කොදෙව් ක්‍රිකට් ආයතනය පවසන්නේ අල්සාරිගේ හැසිරීම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආචාරධර්මයන් කඩකර ඇති බවයි.
එංගලන්තයට එරෙහිව පෙරේදා පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයේදී මෙම සිදුවීමට ඇති වූ බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය පවසන්නේ.

එම තරගයේ සිව්වැනි පන්දුවාරයේදී පිටිය සැකසූ ආකාරය සම්බන්ධයෙන් ජෝසෆ් හා නායක හෝප් අතර මෙම උණුසුම් වචන හුවමාරුව ඇති වී තිබෙනවා. අල්සාරිගේ එම හැසිරීම සම්බන්ධයෙන් කොදෙව් පුහුණුකරු ඩැරස් සැමීද දැඩි ලෙස අප්‍රසාදය පළකර තිබෙනවා.

Back To Top