අවසන් පන්දුවේදී ඉන්දියාවට ජය

[vc_row][vc_column][vc_column_text]ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වුණේ මෙල්බර්න්හිදී. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පකිස්ථානයට ආරාධනා කළා.

ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159ක්. ශාන් මසූඩ් නොදැවී ලකුණු 52 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 5 ඇතුළත්. ඉෆ්ටිකාර් අහමඩ් ලකුණු 51 යි. පන්දු 34 කදී ගොඩනැඟුණු ඔහුගේ ඉනිමට 4 පහර දෙකක් සහ 6 පහර හතරක් ඇතුළත්. පන්දු යැවීමේදී අර්ශ්දීප් සිං සහ හර්දික් පාන්ඩ්‍යා කඩුලු 3 බැගින් දවා ගත්තා.

ඉන්දියාවේ තරගය ජය ගත්තේ ඉනිමේ අවසන් පන්දුවේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 160ක් රැස් කරමින්. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ විරාත් කෝලි නොදැවී ලකුණු 82 ක් රැස් කළා. 53 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 4 ක් ඇතුළත්. හර්දික් පාන්ඩ්‍යා ලකුණු 40යි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top