[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (27) පැවැති තරග පහේ දී ම වර්ෂාව සහ ඇඳිරි කාලගුණය අභිභවමින් කණ්ඩායම් පහක් ම සම්පූර්ණ ජයග්‍රහණ (ඩක් වර්ත් ක්‍රමය නොමැතිව) අත්කරගැනීමට සමත්විය.
මේ තරග පහ ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වු අතර, ගාල්ල-කුරුණෑගල තරගයේ දී පමණක් ගාල්ල කණ්ඩායම ලකුණු 250 ඉක්මවා ලකුණු 260ක් රැස් කරගත්තේ ය. බොහෝ කණ්ඩායම් වල ඉනිම සීමාවූයේ ලකුණු 200කටත් වඩා අඩුවෙනි.
ගාල්ල-කුරුණෑගල තරගයෙන් ගාල්ල කණ්ඩායමත්, සෙබස්ටියනයිට්ස්-බදුරලිය තරගයෙන් සෙබස්ටියනයිට්ස් කණ්ඩායමත්, බී.ආර්.සී.-නාවික හමුදා තරගයෙන් බී.ආර්.සී. කණ්ඩායමත්, නුගේගොඩ-පොලිසිය අතර තරගයෙන් නුගේගොඩත්, ටැමිල් යුනියන්-බ්ලූම්ෆීල්ඩ් තරගයෙන් ටැමිල් යුනියන් කණ්ඩායමත් ජයග්‍රහණය අත්කරගත්හ.
මෙදින (27) පිතිකරුවන්ගෙන් ශතක හෝ පන්දු යවන්නන්ගෙන් කඩුලු පහ ලබාගැනීම් හෝ වාර්තා නොවීය.
මෙදින පැවැත්වීමට නියමිතව තිබූ සී.සී.සී. සහ කැන්ඩි කස්ටම් තරගය සඳුදා (28) දිනට කල් දැමිණි.
ගාල්ල – කුරුණෑගල තරුණ
ගාල්ල ලකුණු 32කින් ජයගනී.
ගාල්ල පන්දු වාර 50ක දී කඩුලු 9ක් දැවී 260යි – (පවන් සංදේශ් 72, කල්ප චේතිය 62, විනුර දුල්සර 43, කවිඳු එදිරිවීර 22, කවිඳු ලක්ෂාන් 19, රවීන් පීරිස් 25/2, අසිත වන්නිනායක 43/2, සකිඳු විජේරත්න 43/3)
කුරුණෑගල පන්දු වාර 47.4ක දී 228යි – (දිල්ෂාන් කොල්ලුරේ 53, කේෂාන් වන්නිආරච්චි 38, තරිඳු විජේසිංහ 42, අසිත වන්නිනායක 29, කවීන් බණ්ඩාර 17, රවිශ්ක විජේසිරි 45/3, විනුර දුල්සර 21/2)
බදුරලිය – සෙබස්ටියනයිට්ස්
සෙබස්ටියනයිට්ස්ට ලකුණු 120ක ජයග්‍රහණයක්
සෙබස්ටියනයිට්ස් පන්දු වාර 50ක දී කඩුලු 9ක් දැවී 222යි – (තනුෂ සමරවික්‍රම 79, සචින් ප්‍රනාන්දු 41, රයන් ප්‍රනාන්දු 21, තරුෂ ප්‍රනාන්දු 23, රුචිර කෝෂිත 29/3, අවිඳු තීක්ෂණ 32/2)
බදුරලිය පන්දු වාර 32.4ක දී 102යි – (මිතිර තෙනුර 50, ෂෙරාන් ෆොන්සේකා 18, නදිත් මිෂේන්ද්‍ර 19/2, තනුෂ ප්‍රනාන්දු 26/3, ප්‍රවීන් කුරේ 25/2)
නාවික හමුදාව – බී.ආර්.සී.
බී.ආර්.සී.ට කඩුලු තුනක ජයක්
නාවික හමුදාව පන්දු වාර 45.2ක දී 172යි – (ගජිත කොටුවේගොඩ 50, සමිත රංග 20, රවිඳු මධුශංඛ 44, මළිඳ අභිෂේක් 32/2, දසුන් සෙනෙවිරත්න 22/2)
බී.ආර්.සී. පන්දු වාර 35ක දී කඩුලු 7ට 173යි – (නිසල් ෆ්රැන්සිස්කෝ 41, හිරන්ත ජයසිංහ 23, රවින් විජේසූරිය 18, ළහිරු අත්තනායක නොදැවී 36, කළණ මධුශංඛ 19, සමිත රංග 38/2, රවිඳු මධුශංඛ 31/2)
නුගේගොඩ – පොලිසිය
නුගේගොඩට ලකුණු 54ක ජයග්‍රහණයක් අත්විය
නුගේගොඩ පන්දු වාර 43ක දී කඩුලු 9ක ට 217යි – (අනිත දාබරේ 52, සකුන ලියනගේ 37, නිපුන් ලක්ෂාන් 26, පසිඳු ආදිත්‍ය 22, රාහුල් ගුණසේකර 22, කවිඳන පෙරේරා 17, මොහමඩ් තාහිම් 37/3, ටෂික් පෙරේරා 26/2)
පොලිසිය පන්දු වාර 38ක දී 163යි – (අසේල සිගේරා 28, රොෂාන් තිලකරත්න 30, චාරුක ජයතිලක 24, රුවින්ද දිල්ෂාන් 24, නිපුන් ලක්ෂාන් 57/4, විමුක්ති කුලතුංග 29/2, මුදිත ලක්ෂාන් 24/3
ටැමිල්-බ්ලූම්ෆීල්ඩ්
ටැමිල් කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක්
බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 47.1ක දී 121යි – (රසන් දිසානායක 28, නදුන් හෙට්ටිආරච්චි 20, චනුල් අතුකෝරල නොදැවී 17, සචිඳු කොළඹගේ 21/4, රවිඳු ප්‍රනාන්දු 20/2)
ටැමිල් යුනියන් පන්දු වාර 23.4ක දී කඩුලු 5ක් දැවී 123යි – (නවෝද් පරණවිතාන 29, රවිඳු ප්‍රනාන්දු නොදැවී 29, රවින් සිල්වා නොදැවී 26, අරවින්ත් රාජන්ද්‍රන් 21/2, දිනෙත් සමරවීර 25/1)[/vc_column_text][/vc_column][/vc_row]