ආසියානු කුසලානයේ වැඩිම ලකුණු කුසල්ගේ පිත්තෙන්

[vc_row][vc_column][vc_column_text]

ආසියානු කුසලාන තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභියා බවට පත් වන්නට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා. ඒ තරග පහක් තුළ දී ලකුණු දෙසිය පනස් තුනක් රැස්කරමින්. ඊට අර්ධ ශතක තුනක් ඇතුළත්. තරගාවලියේ දෙවන වැඩිම ලකුණුලාභියා බවට ශ්‍රී ලංකා ක්‍රීඩක සදීර සමරවික්‍රම පත් වී ඇත්තේ තරග 5 ක් තුළදී ලකුණු 215ක් රැස්කරමින්.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවන ස්ථානය පාකිස්තාන නායක බාබර් අසාම්ට හිමි වී ඇති අතර ඔහු ඉනිම් හතරක් තුළදී ලකුණු දෙසිය හතක් රැස් කොට තිබෙනවා. පිළිවෙලින් මොහොමඩ් රිස්වාන්, රොහිත් ෂර්මා හා නජිමුල් හුසේන් වැඩිම ලකුණු ලාභීන් අතර සෙසු ස්ථාන හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා

ආසියානු කුසලාන තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන්
කුසල් මෙන්ඩිස් – 253 (5)
සදීර සමරවික්‍රම – 215 (5)
බාබර් අසාම් – 207 (4)
මොහොමඩ් රිස්වාන් – 195 (4)
රොහිත් ෂර්මා – 194 (4)
නජිමුල් ෂැන්ටෝ – 193 (2)
ඉෆ්තිකාර් අහමඩ් – 179 (3)
චරිත් අසලංක – 179 (5)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top