ආසියානු කුසලානයේදී ලද ධනාත්මක දේවල් ගැන දසුන් අදහස් දක්වයි

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ දැවැන්ත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරගයෙන් අනතුරුව පරාජය සම්බන්ධයෙන් දසුන් ශානක අදහස් දැක්වීය.

“තරගය නරඹන්නට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට මම ස්තූතිවන්ත වෙනවා, ඇත්තටම කණගාටුයි අපි ඔබව කලකිරීමට පත් කළාට. අපි ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස ඔබට ඇත්තටම ආදරෙයි. ඒ වගේම ඉන්දීය කණ්ඩායමට සුබ පැතුම් එක් කරනවා. සිරාජ් විශිෂ්ඨ පන්දු යැවීමක් පෙන්නුම් කළා. ඒකෙ ගෞරවය ඔහුට හිමි වෙන්න ඕන. මේක පිතිකරුවන්ට හොඳ තණතීරුවක් වනු ඇතැයි මම හිතුවා.නමුත් වළාකුළු පිරි කාලගුණය නිසා ක්‍රීඩා කරපු තත්ව ටිකක් අමාරු වුණා. ඇත්ත වශයෙන්ම මීට වඩා අපිට හොදින් කරන්න තිබ්බා. අපිට ටිකක් සෙට්ල් වෙනකල් ඉන්න තිබ්බා. එහෙම ඉඳලා මැද භාගයේ පන්දුවට පහර දෙන්න අපිට පුලුවන් කමක් තිබ්බා.”

“සධීර සමරවික්‍රම සහ කුසල් මෙන්ඩිස් පසුගිය තරග වල දඟ පන්දු යවන්නන්ට පන්දුවට පහර දුන් ආකාරය වගේම චරිත් අසලංක පිතිකරණයේ යෙදුණු ආකාරය සහ ඔහු පීඩනය මැනවින් හසුරුවන ආකාරය ධනාත්මක දේවල්. ඉන්දියාවත් එක්ක ඔවුන් තිදෙනා හොඳින් දස්කම් දැක්වූවා නං ලොකු ලකුණකට යන්න තිබ්බා. ඒ වගේම දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ ලෝක කුසලානයේදී හොඳින් දස්කම් දක්වනු ඇතැයි සිතනවා. ප්‍රධාන ක්‍රීඩකයින් පස් දෙනෙකු නොමැතිව ක්‍රීඩා කරමින් අවසන් තරගයට පැමිණීම විශිෂ්ට දෙයක්. අපි මීට වසර දෙකකට පෙර ආරම්භ කළ තැන බලද්දි ඒක හොඳ සලකුණක්.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top