[vc_row][vc_column][vc_column_text]පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියට ක්‍රීඩාකරන කණ්ඩායම්හි අවසන් සංචිතයන් මෙම මස 10වනදා වන විටදී නම් කළ යුතුය. ලෝක කුසලාන තරගාවලියට සතියකට පෙර කාලසීමාව තුළදී සංචිතයන්හි සංශෝධනයන් සිදු කළ හැකිය.
ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 18කගෙන් සමන්විත සංචිතයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. ඉන්දීය සංචිතයෙහි නායකත්වය සුපිරි පිතිකරු විරාට් කෝලිට හිමිවී ඇති අතර උපනායකත්වය රෝහිත් ෂර්මාට හිමිවී ඇත. ඉන්දීය සංචිතයේ අනෙක් ආරම්භ පිතිකරු වශයෙන් ලෝකේෂ් රාහුල් නම් කොට ඇත.
ඉන්දීය සංචිතයට ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ඇතුළත් කොට නොමැති වීම සුවිශේෂීය. කණ්ඩායමේ කඩුලු රකින්නන් ලෙසින් රිෂාබ් පාන්ට් හා ඉෂාන් කිෂාන් නම් කොට ඇත. රවිචන්ද්‍රන් අශ්වින් වසර 4කට පසුව ඉන්දීය විස්සයි විස්ස සංචිතයට කැදවා තිබීම සුවිශේෂීය. ඉන්දීය වේගපන්දු බලඇණියට ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ශාමි හා බුවනේෂ්වර් කුමාර් ඇතුළත්ය.
ඉන්දීය සංචිතය
විරාට් කෝලි (C)
රොහිත් ෂර්මා (VC)
ලෝකේෂ් රාහුල්
සූර්යකුමාර් යාදව්
ඉෂාන් කිෂාන් (WK)
රිෂාබ් පාන්ට් (WK)
හර්දික් පාණ්ඩ්‍යා
බුවනේෂ්වර් කුමාර්
ජස්ප්‍රිට් බුම්රා
රවීන්ද්‍ර ජඩේජා
රවිචන්ද්‍රන් අශ්වින්
රාහුල් චහර්
මොහොමඩ් ශාමි
අක්ෂාර් පටෙල් & වරුන් චක්‍රවර්තී
අතිරේක ක්‍රීඩකයන්
ශ්‍රෙයාස් අයියර්
ශර්දුල් තාකූර්
දීපක් චහර්
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]