ඉන්දීය ක්‍රිකට් පිල 28 වැනිදා දිවයිනට

[vc_row][vc_column][vc_column_text]එක්දින ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. වසර 3 කට ආසන්න කාලකින් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායම දින 29 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.

ඉන්දීය කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරය කරන ලද්දේ ඉකුත් 2018 වසරේ මාර්තු මස පැවැති නිදහස් කුසලාන එක්දින තරගාවලියට වන අතර එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමටද ඉන්දීය පිල සමත්විය.

මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “මෙම තරගාවලිය ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් ආකර්ෂණය කරගනු ලබන තරගාවලියක් බව මට විශ්වාසයි. ඒ මොකද කියනවා නම් එක්දින සහ විස්සයි-20 අංශ වල කණ්ඩායම් දෙකම ඉතා හොඳින් ක්‍රීඩා කර තිබෙන බැවින් මේ තරගාවලිය ක්‍රිකට් රසිකයින්ට තරගකාරීත්වනේ යුතු තරගාවලියක් නැරඹීමේ හැකියාවක් ලැබෙන බැවින්” යනුවෙනි.

2023 වසරේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියට අමතරව මෙම වසර අග භාගයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව සිදුකරනු ලබන සූදානම සඳහා මෙම තරගාවලිය අතිශය වැදගත් කාර්යය භාරයක් ඉටු කරනු ලබයි.

මෙම තරගාවලිය ජෛව ආරක්ෂිත පරිසරයකට යටත්ව පැවැත්වෙනු ඇත.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top