ඉන්දු පාකිස්තාන තරගය නිව්යෝර්ක්හිදී ?

2024 T20 ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟය නිව්යෝර්ක් හි පැවැත්වෙන බව ගාඩියන් පුවත්පත වාර්තා කරයි. ජූනි මාසයේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය දරන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

වාර්තා වන අන්දමට තරගය පැවැත්වෙන්නේ නිව්යෝර්ක් නගරයට නුදුරින් පිහිටි ක්‍රීඩාංගණයකයි. නිව්යෝර්ක් නුවර පැවැත්වෙන තරගාවලිය සඳහා ආසන 34,000කින් සමන්විත තාවකාලික ක්‍රීඩාංගනයක් ඉදිකෙරෙනු ඇත.

නවතම සංගණන දත්ත අනුව 7,11,000 ක් පමණ ඉන්දියානුවන් සහ 1,00,000 ක් පමණ පකිස්ථාන සම්භවයක් ඇති පුද්ගලයින් නිව්යෝර්ක් හි ජීවත් වන නිසා තරඟය නිව්යෝර්ක් හි පැවැත්වේ.

Back To Top