[vc_row][vc_column][vc_column_text]මීටර 10 000 ඉසව්වේ ලෝක ශුර උගන්ඩාවේ ජොෂුවා චෙප්ටගෙයි නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ මොනාකොහිදී පැවැති කිලෝ මීටර 5 මාර්ග ධාවන තරගයෙන්. ඔහු තරගය නිමා කළේ මිනිත්තු 12 යි තත්පර 51 ක කාලයක් වාර්තා කරමින්.
මීට පෙර එහි වාර්තා පිහිටුවා තිබුණේ කෙන්යාවේ රොනෙක්ස් කිප්රුටෝ විසින්.තරගයේ දෙවැනි ස්ථානය ප්‍රංශයේ ජිම් ග්රෙසියර් දිනා ගත් අතර තුන්වැන්නා බ්‍රිතාන්‍ය ජාතික නික් ගුලාබ්. මේ වන විට ලෝක ශුරතා තරගාවලි රැසක් ජය ගෙන ඇති ජොෂුවා චෙප්ටගෙයි 2019 වසරේ දෝහා කටාර් හිදී පැවැති ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 10000 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 5000 සහ 10000 ඉසව් ද්විත්වයේම රන් පදක්කම් ඔහු හිමි කර ගත්තා.[/vc_column_text][/vc_column][/vc_row]