එංගලන්ත කණ්ඩායම 20 යි 20 තරගාවලිය සම කරයි

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර දෙවැනි 20 යි 20 තරගය පැවැත්වුණේ ඩර්බන්හි කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 204 ක්. බෙන් ස්ටොක්ස් පන්දු 30 කදී ලකුණු 47 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 2 ක් ඇතුලත්. ජේසන් රෝයි ලකුණු 40 ක් රැස් කළේ පන්දු 29 කට මුහුණ දෙමින්. පන්දු යැවීමේදී ලුන්ගි එන්ගිඩි කඩුලු 3 ක් බිද හෙලුවා.

පිලිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 202 ක් පමණයි. තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කළා. ක්වින්ටන් ඩි කොක් පන්දු 22 කදී ලකුණු 65ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 2 ක් සහ 6 පහර 8 ක් ඇතුලත්. රසී වෑන් ඩර් නොදැවී ලකුණු 43 යි. දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගය දකුණු අප්‍රිකාව එක් ලකුණුකින් ජය ගෙන තිබුණ.

ඒ අනුව මේ වන විට තරග 3 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පැවැති තරග 2 න් එක බැගින් ජය ගෙන දෙපිළම ස තත්වයේ පසුවනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top