එදා දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට උඩපන්දු රැකගත් Sybrand, අද දක්වා පැමිණි ගමන් මග ගැන ඔහුගේ අදහස

2008 වසරේ මැලේසියාවේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ට උඩපන්දු රැකගත් ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා ඔබට මතකද ? එදා Super Man ලෙසින් විස්තර විචාරක අට්ටාලයේ සිටි විචාරකයන් ඔහුව ආමන්ත්‍රණය කරද්දී පැපුවා නිව්ගීනියාවට එරෙහිව රැකගත් උඩපන්දුව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දුටු අතිවිශිෂ්ටම උඩපන්දු අතරින් එකක් බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුමය. එදා දකුණු අප්‍රිකාවෙන් ක්‍රිකට් පිටියට අත්පොත් තැබූ Sybrand Engelbrecht නෙදර්ලන්තය වෙනුවෙන් සිය මංගල එක්දින අර්ධය ශතකය ඊයේ දිනයේ දී වාර්තා කළේ ශ්‍රී ලංකාවට එරෙහිව අගනා ඉනීමක් ක්‍රීඩා කරමින්. ඔහු අද දක්වා පැමිණි ගමන් මග පිළිබඳව මාධ්‍ය හමුවේ දී ඔහු දැක්වූ අදහසයි මේ..

Image Source : ESPNcricinfo Via Getty images

2016 දෙසැම්බර් දක්වා දකුණු අප්‍රිකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් ක්‍රීඩා කළා. ඉන් පසු මම ආයතනික වෘත්තිය ක්ෂේත්‍රයට ගියා. මම ඉගෙන ගත්තේ මුල්‍ය අංශය. මම Fairtree නම් සමාගමේ මූල්‍ය පැත්තට ගියා. මම Master එකක් කරා, ඒ වගේම MBA එකත් කළා. මම පසුගිය වසර හත තුළ එම ආයතනයෙම සේවය කළා. මීට වසර තුනකට පමණ පෙර, අපි දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට ගිහින් නැවත ක්‍රීඩා කිරීමට පටන් ගත්තේ ප්‍රධාන වශයෙන් මිතුරන් ඇති කර ගැනීමට.

මේ අවුරුද්දේ ජූලි මාසේ තමයි මම නෙදර්ලන්තයට ක්‍රීඩා කරන්න සුදුසුකම් සම්පූර්ණ කළේ. ඉතින්, මම රයන්ට කතා කරලා ඇහුවා,මගේ නම හිස්වැසුමකට දාන්න ඔයා කැමතිද කියලා. ඔහු අපේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට වගේම අපව මෙහි ගෙන ඒමට හොඳින් කටයුතු කළා. එබැවින්, ඔහු පැවසුවේ සංචිතය පුළුල් වන තරමට ඔවුන්ට හොඳයි කියලයි. මෙතන ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. නමුත් එය තවමත් ගිලීමට තිත්ත පෙත්තක් බව මම පිළිගන්නවා.

Back To Top