[vc_row][vc_column][vc_column_text]යුපුන් අබේකෝන් …. ඔව්,ඔහු ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන්නේ ඔලිම්පික් සුදුසුකම් සැපිරූ ක්‍රීඩකයෙක් විදියට….ආරාධිත ක්‍රීඩකයෙක් විදියට ඔලිම්පික් උළෙල නියෝජනය කරන එක සහ සුදුසුකම් ලබා ඔලිම්පික් උළෙල නියෝජනය කරන එක කාරණා දෙකක්… ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යන එක වගේම තෝරාගැනීමට අයත් වන ලෝක ශ්‍රේණිගත කිරීමේ ස්ථානය රැකගැනීමත් අභියෝගයක්. යුපුන් කියන්නේ ඒ අභියෝගය ජයගත්ත ක්‍රීඩකයෙක්.කියවන්න. මේ ඔහුගේ ඒ සතුට වචනවලට පෙරලූ ආකාරය …..
——–=උපුටා ගැනීම
“ඔව් මම ඔලිම්පියන් කෙනෙක් ! 💪
අවුරුදු 16 ක හීන , අවුරුදු 16 ක පුහුණුවීම් , කරපු කැපකිරීම් , අත ඇරපු හීන , මග හැරුන සහ මග හරින ජීවිතේ fun ම කාලය ; මේ හැමදේම මැදින් මම තව ටික දවසකින් ටෝකියෝ වල මීටර් 100 start line එකේ ඉදලා Finish line එක දිහා බලනවා.
මනුස්සයෙක් හීන දකින්න ම ඕනි. හිස් අතින් මේ ලෝකෙට ඇවිල්ලා ඉතිහාසයේ නම තියලා යන්න හැමෝටම බෑ. හැබැයි එහෙම තියලා ගියපු මිනිස්සු ඉන්නවා. උත්සාහය , කැපවීම , අත්නොහැරීම වගේ කාරණා ඒ අයව ඉතිහාසයේ නොමැකෙන නාම බවට පත් කරලා තියනවා. මටත් ඕනි උනේ ඒ අය අතරින් කෙනෙක් වෙන්න. ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් ඉන්න , ඒ වගේම බිලියන ගානක මිනිස්සු ඉපදිලා මැරිලා ගියපු දකුණු ආසියාවේ මීටර් 100 තත්පර 10.20 ට වඩා අඩුවෙන් දුවපු පලවෙනි කෙනා මම. ඕනෑම තත්වයක් යටතේ තත්පර 10.10 ට වඩා අඩුවෙන් දුවපු දකුණු ආසියාවේ පලවෙනි කෙනා මම. ලංකා ඉතිහාසයේ Diamond Leauge එකක දුවපු පලවෙනි කෙනා මම. ඉතින් ඒ සතුට ඒ ආඩම්බරේ හැම කෙනා එක්කම බෙදාගන්න මීට වඩා අවස්ථාවක් නෑ කියලයි මං හිතන්නේ.
මං මේ දේවල් කියන්නේ හීන පස්සේ දුවන හැමෝටම. අමාරු වෙලාවල් වල හැමදේම අත ඇරලා දාන්න ඕනි කියලා හිතෙන හැම වෙලාවක ම , තමන්ට ලැබිය යූතු අවස්ථා තමන්ගෙන් උදුර ගන්න මිනිස්සු අතර , තමන්ට නිසි වටිනාකමක් නොලැබෙන හැම වෙලාවකම , තමන්ගේ හීන එන්න එන්න ඈතට යන වෙලාවල තමගේ හීන වල දාන්න කලින් මගේ මේ වචන ටික කෙනෙක්ට මතක් වෙලා ඒ තියපු අඩිය ආපහු ගන්නේ නැතුව ඉන්නවා නම් ඊට වඩා සතුටක් මට නෑ. මං විදින ආත්ම තෘප්තිය ඒක විතරමයි. මට එහෙම කියන්න අයිතිවාසිකමක් තියනවා. මොකද මමත් ඔය වගේම ප්‍රශ්න ගොඩක් මැද්දෙන් මේ ගමන ආපු කෙනෙක් නිසා. එදා මමත් මේ දේ අත ඇරියා නම් මේ කතාව කියන්න මං අද මෙතන නෑ. අවුරුදු 2 දී 3 දී බත් පිඟාන අතින් අරගෙන ගේ වටේ මං පස්සෙන් දුව දුව බත් කවපු අම්මා හිතුවේ නැතුව ඇති මං දවසක ඔලිම්පික් වලත් දුවයි කියලා. 8-5 ටයි එකක් දාන ජොබ් එකක් කරලා කාර් එකෙන් උදේ හවස මං වැඩට යනවා එනවා බලන්න උන්න අප්පච්චි හීනෙන් වත් මේ දේ දකින්න නැතුව ඇති.
අම්මයි අප්පච්චි මං ලග නැති කාලේ කිසිම දේකින් අඩුවක් නැතුව මාව හදපු සුදු අම්මයි ( ආච්ච් ) තාත්තයි ( සීයා ) ඔලිම්පික් වලට යන්නේ කොහොමද කියලවත් නොදැන ඉන්න ඇති අවුරුදු 9 දී මාව ක්‍රීඩාවට අරගෙන පුහුණු කරන්න ගත්තු සුබද්‍රා මිස් හිතුවෙවත් නැතුව ඇති මේ පොඩි කොල්ලා දවසක ඔලිම්පික් වල ට්‍රැක් එකේ හිට ගනී කියලා. ජීවිතේ හරි පුදුමයි. දේවල් වෙනස් වෙන්නේ පුදුම විදිහට. එක තත්පරයක් ඇති කෙනෙක් ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. මට තියෙන්නෙත් එහෙම ආපු ගමනක්.
2016 Rio Olympics මම බැලුවේ ගෙදර ඉදගෙන. යන්න ආසාව තිබුනට ඒක තිබුණේ මට හිතාගන්නවත් බැරි දුරක. ඒ වෙද්දී මගේ හොදම කාලය තත්පර 10.58 ක්. හැබැයි මට හිතුනා ඒ වෙලාවේ මටත් යන්න ඕනී ඊලග ඔලිම්පික් එකට කියලා. මුලින්ම කලේ ඊලගට ඔලිම්පික් තියන රට google එකෙන් හොයාගෙන එකෙන් photo එකක් අරගෙන මගේ Facebook cover photo එක මාරු කරන එක ( ඒක මගේ profile එකට ගියොත් බලාගන්න පුලුවන් ) එදා මං මටම පොරොන්දුවක් දුන්නා 2020 මං මේක මාරු කරන්නේ මම ඔලිම්පික් ගියොත් ටෝකියෝ වල stadium එකේ එහෙම නැති උනොත් ඔලිම්පික් ඉවර වෙන දවසේ කියලා.
හැබැයි මට කිසිම අදහසක් තිබුනේ නෑ මේක කරන්නේ කොහොමද කියන එක ගැන. කාලය ගත උනා. දේවල් වෙනස් උනා. මගේ අලුත් පුහුණුකරු මං එක්ක එකතු උනා. කොරෝනා බාධා කලා. නමුත් මගේ හැකියාවන් විස්වාස කරලා ඒ විස්වාසය මත මාව එතනට අරගෙන ගියා. මේ අවුරුද්ද පටන් ගන්නකොට මම Olympic Ranking වලට යන්න ඕනි විදිහ අධ්‍යනය කරලා සම්පූර්ණයෙන්ම පාර හදලා දුන්නේ මගේ පුහුණුකරු Claudio Licciardello! එයා නැත්නම් මම අද මෙතන නෑ. MAURIZIO වත් අමතක නොකරම බෑ !
මම දැනටමත් දිනුම්.ඇයි මම එහෙම කියන්නේ ? ඒකට හේතුව තමයි මේ ඔලිම්පික් උළෙල තමයි මෙතෙක් පැවති ඔලිම්පික් උළෙලවල් වලින් අසීරුතම ඔලිම්පික් උළෙල. 2016 රියෝ ඔලිම්පික් වල Qualification standard එක තත්පර 10.16. 2020 ටෝකියෝ වල තත්පර 10.05. තත්පරයෙන් දහයෙන් එකක් අඩු කරන්න තියන අමාරුව ක්‍රීඩා කරපු , කරන ඕනි කෙනෙක් දන්නවා. ඉතින් මම ඒ Timing එක 3 න් පාරක් Achieve කලා.
තත් : 10.16 ( wind + 0.4 )
තත් : 10.15 ( wind + 1.4 )
තත් : 10.16 ( wind – 0.1 )
ඒ වගේම හොදම කාලයන් දෙකක් හුලඟ විසින් අහිමි කලා.
තත් : 10.13 ( wind + 2.1 )
තත් : 10.09 ( wind + 2.2 )
නමුත් මේ ටෝකියෝ ඔලිම්පික් වල ස්ටෑන්ඩර්ඩ් එක තව දුරයි. මේක කොයි තරම් අසීරුද කියලා මං තව විදිහකට කියන්නම්. සම්පූර්ණයෙන් (wild card නැතුව ) ක්‍රීඩකයින් 56 ක් තෝරාගන්නවා. 39 දෙනෙක් තත්පර 10.05 ට අඩුවෙන් දුවලා තියනවා. Olympic Ranking වල තව 17 දෙනෙක් ඉන්නවා. මේ අය Avarage හොදටම දුවන නිසා තමයි Ranking වලට ඇතුල්වෙලා තියෙන්නේ. මේ නිසා තමයි මම කියන්නේ මං දැනටමත් දිනුම් කියලා. 100% ක් කැපවීම , පසුනොබැසීම තමයි අපිව අපේ හීන වලට ගෙනියන්නේ. මේ හීන එච්චර දුරයි. තත්පර 9 න් හෝ 10 න් race එක ඉවර උනාට ඒ තත්පර ගාන දුවන්න පැය , දවස් , සති , මාස , අවුරුදු ගනන් අපි තිරෙන් පිටිපස්සේ පුදුම කැපකිරීමක් කරනවා. හැම hard training කරපු දවසක ම වමනේ කරපු වාර ගනන් කරගන්න බැරි තරම්. වමනේ කරලත් ආපහු නැගිටලා workout එක ඉවර කරන දවස් ඕනි තරම් තියනවා. එහෙම නැතුව sub 10 දුවන අය එක්ක හැප්පෙන්න හිතන්නවත් බෑ.
කතාව ඉවර නෑ…ගේම් එක දැන් තමයි පටන් ගන්නේ…තත්පර දශම එක්ක දුවන්න…එහෙනම් ටෝකියෝ වලදි මුණ ගැහෙමු… හැමෝටම ජය !
journey to be continued… ♥️”
උපුටා ගැනීම අවසන් —–[/vc_column_text][/vc_column][/vc_row]