Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ඕමානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වේ

[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගිඑන ශුරතා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගියවර ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමානය අතර අද පැවති තරඟය කඩුලු 5 කින් ජය ගැනීමට ඕමානය සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පිරිනැමූ ඕමානය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී ලකුණු 268 කට සීමා කිරීමට සමත් විය..මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අශේන් බණ්ඩාර ලකුණු 62ක් ලබා ගත් අතර නායක චරිත් අසලංක ලකුණු 57 ක් ලබා ගැනීමට සමත් විය. මීට අමතරව පැතුම් නිසංක ලකුණු 40ක් හා මිනෝද් භානුක ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වූහ..පන්දු යැවීමේදී ඕමාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සනුත් කඩුලු 3ක් බිඳ හෙලන ලදි.

අසිත ප්‍රනාන්දු, අමිල අපොන්සු කමිදු මෙන්ඩිස් වැනි ජාත්‍යන්තර අත්දැකීම් සහිත පන්දු යවන්නන් හමුවේ ලකුණු 269ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාමට පැමිණි ඕමාන කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 90ක් තුළදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. නමුත් 5 වන කඩුල්ල වෙනුවෙන් ජිතේන්ද්‍ර සිං හා සුරාජ් කුමාර් ලකුණු 148 ක සම්බන්ධතාවයක් ගොඩනංවමින් ඕමානය ජයග්‍රාහී මාවත කරා රැගෙන යාමට සමත් විය.. මෙහිදී සංජු කුමාර් ලකුණු 70ක් ලබාගත් අතර විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ජිතේන්ද්‍ර සිං පන්දු 150ක දී හතරේ පහර 13ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 131ක් ලබා ගනිමින් ඕමානය ජයග්‍රහණය වෙත රැගෙන යාමට පුරෝගාමි සේවයක් ඉටු කළේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අමිල අපොන්සු ලකුණු 40 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.. ශ්‍රී ලංකා සහභාගිවන මීළඟ තරගය අනිද්දා පාකිස්තානය සමගින් පැවැත්වේ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම 268 – 10 (50) අශේන් බණ්ඩාර 62 , චරිත් අසලංක 57 මොහොමඩ් සනුත් 3 – 41

ඕමාන නැගී එන කණ්ඩායම 269 – 6 (48.5) ජිතේන්ද්‍ර සිං 131* , සංජු කුමාර් 70 අමිල අපොන්සු 3 – 40

– චානා-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top