කබඩි පිරිමි අංශයේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට

ජාතික කබඩි තරගාවලියේ පිරිමි අංශයේ ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත්වුණා. එහි කාන්තා ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් සංවිධාන කරන ලද ජාතික කබඩි තරගාවලිය පැවැත්වුණේ පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදි. පිරිමි අවසන් තරගයට යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම සුදුසුකම් ලබා සිටියා. එහිදි ලකුණු 35 ට 20 ක් ලෙස ශූරතාව දිනාගත්තේ යුද හමුදා කණ්ඩායමයි. ගුවන් හමුදා පිලට අනුශූරතාව හිමිවුණා.‍ කාන්තා අවසන් තරගයට ගුවන් හමුදා සහ නාවික හමුදා කණ්ඩායම් සුදුසුකම් ලබා සිටි අතර පසුව ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ලකුණු 35 ක් රැස්කරමින් ශූරතාව දිනාගත්තා. අනුශූරතාවට පත් නාවික හමුදා කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 28 ක්.

Back To Top