[vc_row][vc_column][vc_column_text]තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා පකිස්ථානයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යන ක්‍රීඩක කසුන්රාජිත ආබාධයකින් පෙලෙන බව පකිස්ථානයෙන් ආරංචි වේ.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනයේදී පන්දු යැවීමේදි මස් පිඬු ඉරී යෑමේ තත්වයකට මුහුණ දුන් කසුන් රාජිත පකිස්ථානඉනිමේ මුල් අවස්ථාවේ පන්දුවාර හයක් යොමුකිරීමෙන් අනතුරුව පන්දු යැවීමෙන් වැළකී සිටියේය.
ලද අවස්ථාවෙන් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ කසුන් රාජිතගේ මෙම ආබාධ තත්වය ඔහුට මෙන්ම කණ්ඩායමටද විශාල පාඩුවක්වනු ඇත.
ඔහුට අමතරව මෙම සංචාරය සඳහා එක්වීමට නියමිතව සිටි සුරංග ලක්මාල්ටද ඩෙංගු රෝග තත්වය හේතුවෙන් මෙම සංචාරය අහිමිවිය.
මෙසේ කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනෙක් අයහපත් සෞඛ්‍ය තත්වය නිසා ක්‍රීඩා කිරීමට නොහැකී වීම කණ්ඩායමේසමබරතාවයට ප්‍රශ්නයක් වනු ඇත.
කසුන් රාජිත වෙනුවට ආදේශ වන්නේ කවුරුන්ද යන්න තවමත් තීරණය කර නැතත් කරච්චි තණතිල්ල දඟ පන්දු යවන්න්නට උචිතතණතිල්ලක් නිසා ලසිත් ඇඹුල්දෙණිය ක්‍රීඩා කරනු ඇතයි ක්‍රීඩා ආරංචිමාර්ග පවසයි.
රාවල් පිණිඩිහිදී පැවති දෙරට අතර පළමු ටෙස්ට් තරඟයට වර්ශාවෙන් දැඩි බාධා එල්ල වූ අතර එම නිසාම තරඟයම තීරණයකින් තොරවඅවසන් වූ අතර අවසාන සහ දෙවන ටෙස්ට් තරඟය මෙමස 19 වන දින කරච්චිහිදී ආරම්භ වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]