ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 30කට අධික පිරිසක් සම්මානයෙන් පිදුම් ලබති

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 30කට අධික පිරිසක් සම්මානයෙන් පිදුම් ලබති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් වාර්ශිකව සංවිධානය කරනවාර්ශික සම්මාන රාත්‍රිය අද දින කොලඹදී පැවත්වින.

මෙහෙදී කාන්තා, පිරිමි, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ , අන්තර්ජාතික, පාසල් , පළමු පෙල යන සියලුම ක්ශේත්‍රයන් ආවරණය කරමින් 2018/19 තරඟවාරය සඳහා ක්‍රිකට් ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ දක්ශතා ඇගයීම සහ සම්මාන ප්‍රධානය කිරීම සිදුවිනි.

මෙම උත්සවයට ප්‍රවීණ ක්‍රීඩකයන්, ක්‍රීඩා මාධ්‍යවේදීන් ඇතුලු විශේශ අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවත්විනි.

ලබා දුන් සම්මාන සහ දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්.

1. නැගී එන ක්‍රීඩකයා – පැතුම් නිස්සංක

හොඳම පිතිකරු – දිමුත් කරුණාරත්න ( ටෙස්ට්)
හොඳම පන්දු යවන්නා – දිල්රුවන් පෙරේරා ( ටෙස්ට්)
හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ධනංජය ද සිල්වා ( ටෙස්ට්)
හොඳම පිතිකරු – කුසල් ජනිත් පෙරේරා ( එක්දින)
හොඳම පන්දු ‍යවන්නා – ලසිත් මාලිංග ( එක්දින)
හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – තිසර පෙරේරා ( එක්දින)

හොඳම පිතිකරු – තිසර පෙරේරා ( T20)
හොඳම පන්දු යවන්නා – ලසිත් මාලිංග ( T20 )
හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ඉසුරු උදාන ( T20)

එසේම කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතා ඇගයීමේදි,

හොඳම පිතිකාරිනිය – චමරි අතපත්තු ( එක්දින)
හොඳම පන්දු යවන්නිය – ඕශධී රණසිංහ ( එක්දින)
හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු ( එක්දින)
හොඳම පිතිකාරිනිය – චමරි අතපත්තු ( T20)
හොඳම පන්දු යවන්නිය – ශශිකලා සිරිවර්ධන ( T20)
හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – ශශිකලා සිරිවර්ධන ( T20 )

විනිසුරුන් ඇගයීමේදී,

හොඳම ජාත්‍යන්තර විනිසුරු – කුමාර ධර්මසේන

හොඳම පළමු පෙල විනිසුරු – ලින්ඩන් හැනිබල්

එසේම පළමුපෙල ප්‍රීමියර් කුසලාන A කාණ්ඩයේ,

හොඳම පිතිකරු – ඕශධ ප්‍රනාන්දු

හොඳම පන්දු යවන්නා – මලින්ද පුශ්පකුමාර

හොඳම තුන් ඉරිය්වක්‍රීඩකයා – සචිත්‍ර සේරසිංහ

අන්තර් සමාජ විස්සයි විස්ස ප්‍රධාන තරඟාවලියේ ,

හොඳම පිතිකරු – දිනේශ් චන්දිමාල්

හොඳම පන්දු යවන්නා – මලින්ද පුශ්පකුමාර

හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – සීක්කුගේ ප්‍රසන්න

අන්තර් සමාජ සීමිත පන්දුවාර ප්‍රධාන තරඟාවලියේ,

හොඳම පිතිකරු – සචිත්‍ර සේනානායක

හොඳම පන්දු යවන්නා – නිශාන් පීරිස්

හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – සචිත්‍ර සේනානායක

ලෙස සම්මාන හිමිකරගත්තෝය![/vc_column_text][/vc_column][/vc_row]

Back To Top