ක්‍රිකට් තරගාවලි දෙකකට ශ්‍රී ලංකා යොවුන් පිල ‘වැලිකතරට’

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම් සමඟ වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා  ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මාර්තු 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යනු ඇත.

මාර්තු 20 වැනිදා ආරම්භ වන මෙම තුන්කොන් තරගාවලිය ලබන මාර්තු 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනු ඇත. ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තුන්කොන් තරගාවලියේ තරග කීපයක් දිවා/රාත්‍රී ලෙසින් පැවැත්වෙන අතර අවසන් මහ තරගය මාර්තු 30 වැනිදා ටොලරන්ස් ඔ්වල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග තරග 2 කටත් ඇෆ්ගනිස්තානය සමඟ තරග 2 කටත් වශයෙන් සමස්ථ තරග 4 කට සහභාගිවනු ඇත. එහිදී පළමු තරගය මාර්තු 20 වැනිදා බංග්ලාදේශ පිලට එරෙහිව සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගිවේ. මාර්තු 22, 26 සහ 28 පෑවත්වෙන ‌තරග 3 ම ටොලරන්ස් ඔ්වල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම සමඟ එක්දින තරග දෙකකටද සහභාගිවීමට නියමිත අතර එම තරග දෙක අප්‍රේල් මස 01 වැනිදා සහ දෙවැනිදා ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. එම තරග දෙකද දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වේ.

තුන්කොන් තරගාවලියේ කාල සටහන

මාර්තු 20 – ශ්‍රී ලංකාව සහ  බංග්ලාදේශය අතර දිවා තරගය සයිඩ් ක්‍රීඩාංගණයේදී

මාර්තු 22 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දිවා/රාත්‍රී තරගය ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී

මාර්තු 26 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිවා/රාත්‍රී තරගය ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී

මාර්තු 28 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය දිවා/රාත්‍රී තරගය ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී

 

ද්වීපාර්ශ්වික එක්දින තරගාවලිය

අප්‍රේල් 01 – පළමු එක්දින තරගය (දිවා/රාත්‍රී) ටොලරන්ස් ක්‍රීඩාංගණය

අප්‍රේල් 02 – දෙවැනි එක්දින තරගය (දිවා/රාත්‍රී) ටොලරන්ස් ක්‍රීඩාංගණය[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top