ක්‍රීඩා ඇමති පත්කළ කමිටුව හමුවීම ICCය ප්‍රතික්ෂේප කරයි

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කළ ත්‍රිපුද්ගල ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව හමුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරයේම ප්‍රතික්ෂේප කොට ඇත. එම කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළත්ය

 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර හා ජාතික ක්‍රිකට් කවුන්සිල, සම්මේලන සහ ආයතන සමඟ අධීක්‍ෂණය, සන්නිවේදනය සහ සම්බන්ධීකරණය කිරීම අරමුණු කොටගෙන මෙම කමිටුව පත්කොට ඇත.

 

මෙම කමිටුව පිහිටුවීමෙන් පසුව අමාත්‍යවරයා නවතම තත්වය පිළිබඳව ICCය වෙත දැනුම් දුන් අතර ICC සභාපති Greg Barclay සමඟ රැස්වීමක් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, ICC විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, කිසිදු රජයේ මැදිහත් වීමකින් තොරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි කටයුතු ස්වාධීනව පාලනය කිරීමේ අවශ්‍යතාවය නැවත අවධාරණය කොට ඇත.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ සියලු ගැටලු සඳහා ICCය සම්බන්ධ කර ගත හැකි ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවට ICC ප්‍රධාන විධායක Geoff Allardice විසින් සිකුරාදා අමාත්‍ය රණසිංහ වෙත යැවූ ලිපියේ සඳහන් කොට ඇත.

 

එබැවින් ICC සභාපතිවරයා හෝ ප්‍රධාන විධායක නිලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතියකින් තොරව ඔබ පත්කළ ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව හමුනොවන බව ඔහු වැඩිදුරටත් සදහන් කොට ඇත. අප්‍රේල් 11 වැනි දින ක්‍රීඩා ඇමතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කර ගැනීමටත්, එහි පාලනයට, නියාමනයට රජයේ හෝ වෙනත් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනයකට මැදිහත් වීමක් සිදු නොවනු ඇතැයි අපේක්ෂා කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත එවූ ලිපියේ සදහන් කොට ඇත.

Source : Sunday Times[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top