කාන්තා 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය.ඉන්දියාවට සහ ඔස්ට්‍රේලියාවට ජය

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ යටතේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය පැවැත්වුණේ මෙල්බර්න්හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 133 ක් රැස් කළා. ශෆාලි වර්මා ලකුණු 45 යි. පිලිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 130 ක් පමණයි. අමේලියා කේර් නොදැවී ලකුණු 34 ක් රැස් කළා. තරගයෙන් ඉන්දියාව ජය ගත්තේ ලකුණු 3 කින්.

මේ අතර ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය කැන්බරාහිදී පැවැත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුව‌ෙ පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දු වාර 20 අවසානයේදී කඩුල්ලක් දැවී ලකුණු 189 ක් රැස් කළා. ඇලීසා හේලි ලකුණු 83 යි. පන්දු 53 කදී ගොඩනැගුණු ඇයගේ ඉනිමට 4 පහර 10 ක් සහ 6 පහර 3 ක් ඇතුලත්. බෙත් මූනි ලකුණු 81 යි. පිලිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 103 ක් පමණයි. ෆර්ගනා හක් ලකුණු 36 යි. පන්දු යැවීමේදී මේගන් ශට් කඩුලු 3 ක් බිද හෙලුවා. තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 86 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top