කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය දැල් පන්දුවේ ආදිපත්‍ය යළිත් තහවුරු කරයි

[vc_row][vc_column][vc_images_carousel images=”34143,34144,34145,34146,34147,34148,34149,34150,34151,34152,34153,34154,34155″][vc_column_text]දැල් පන්දු ක්‍රීඩාවේ ආදිපත්‍ය යළිත් තහවුරු කරමින් ජාතික කණිෂ්ඨ දැල් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී මහනුවර දිස්ත්‍රික් ඒ කණ්ඩායම පරාජයට පත් කරමින්.

ශ්‍රී ලංකා දැල් පන්දු සංගමය දෙවැනි වරට සංවිධානය තරගාවලිය දින 3 ක් පැවැත්වුණේ කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී. මූලික වටයේ තරග සදහා කණ්ඩායම් 36 ක් සහභගී වුණ‌ා. ඉන් ජය ගත් කණ්ඩායම් 12 ක් අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගත්තා. අවසන් තරගයට තේරී පත් වුණේ කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සහ දිස්ත්‍රික් ඒ කණ්ඩායමයි. අවසන් තරගය ආරම්භයේ සිටම ශුද්ධවූ පවුලේ ක්‍රීඩිකාවන් දක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා.

පළමු අර්ධයේදී ශුද්ධවූ පවුලේ ක්‍රීඩිකාවන් ලකුණු 16 ක් රැස් කළ අතර මහනුවර කණ්ඩායම එහිදී ලබා ගත්තේ ලකුණු 9 ක් පමණයි. දෙවැනි අර්ධයේදී කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය තවත් ලකුණු 16 ක් රැස් කළා. ප්‍රතිවාදීන් එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 10 ක්. ඒ අනුව ලකුණු 32 ට 19 ක් ලෙස අවසන් තරගය ජය ගත්තේ කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයයි.

තරගාවලියේ දක්ෂතම පන්දු විදින්නිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ උත්පලා සජිනි රත්නායක. මහනුවර කණ්ඩායමේ ෆයිසා ෆෙරෝස් දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාවයි. ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ සෙත්මි දනෝෂි දක්ෂතම පන්දු රකින්නිය ලෙසත් එම කණ්ඩායමේ හිරුණි නෙත්මා ධනංජි දැල් පන්දු රැජින ලෙසත් සම්මාන දිනා ගත්තා.

අමල්කා වන්නිතිලක මහත්මිය පුහුණුකාරීත්වය දරණ කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය මෙම වසරේ පැවැති සමස්ත ලංකා පාසැල් , ජාතික පාසැල් සහ ජාතික කණිෂ්ඨ යන සියලු දැල්පන්දු තරගාවලීන්හි ශුරතාව දිනාගැනීම විශේෂත්වයක්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top