කුසල් ජනිත් යළිත් ටෙස්ට් සංචිතයට

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 2 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා. ඊට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතියද හිමිවු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතම ප්‍රකාශ කර තිබෙන්නේ. නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුලත්.

කණ්ඩායමේ නායකයා දිමුත් කරුණාරත්න. ඔෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් , ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා සහ  නිරෝෂන් දික්වැල්ල සංචිතයේ සිටින පිතිකරුවන්. ශ්‍රී ලංකා පන්දු යැවමේ අංශය ශක්තිමත් කරන්නේ සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්ෂාන් සදකැන්. තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ද සංචිතයට ඇතුලත්ව සිටින නමුත් ආබාධයට ලක්ව සිටීම හේතුවෙන් ඔහුට තරගාවලියට සහභාගී වීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. වනිදු හසරංග වෙනුවට තවමත් ක්‍රීඩකයෙකු නම් කර නොමැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙන්නේ පළමු තරගය ආරම්භයට පෙර එම ක්‍රීඩකයාගේ නම ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වූ සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියට  නම් නොකළ කුසල් ජනිත් පෙරේරාද මෙවර කණ්ඩායමට කැදවා තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 19 වැනි ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top