[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් එක්දින හා පන්දුවාර විස්ස තරගාවලි වෙනුවෙන් 34 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ඒ අනුව මෙම සංචිතයට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංකද කැදවා ඇති බවට වාර්තා වේ.
විසි දෙහැවිරිදි වියෙහි පසුවන පැතුම් නිශ්ශංක දේශීය පළමු පෙළ පිටියේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි. පළමු පෙළ තරග 33කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 3445ක් රැස්කොට ඇත්තේ 67.54 වැනි ඉහළම පිතිකරණ සාමාන්‍යයක් රදවාගනිමිනි.
පළමු පෙළ පිටිය තුළ ඉහළම පිතිකරණ සාමාන්‍යයක් රදවාගත් පිතිකරුවන් අතරෙහි සිව්වැන්නා බවට පත්වන්නට පැතුම් නිශ්ශංකට හැකිවී ඇත. වර්තමාන ක්‍රීඩකයන් අතුරින් පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉහලම පිතිකරණ සාමාන්‍යයක් සහිත පිතිකරුවන් අතරෙහි ක්‍රිකට් ලෝකයේ ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේද පැතුම් නිශ්ශංකය.
ඔහු 2018-19 දේශීය පළමු පෙළ තරගාවලියේදී NCC කණ්ඩායම වෙනුවෙන් තරග 7ක් තුළදී ලකුණු 1088ක් රැස්කිරීමට සමත් වූයේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාද බවට පත් වෙමිනි.
– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]