කොළඹ ආධිපත්‍ය බිඳ දමමින් 23 න් පහළ ශූරතාව දඹුලු ක්‍රීඩිකාවෝ දිනා ගනිති

තරගාවලියේ වැඩි තරග සංඛ්‍යාවකට වර්ෂාවෙන් බාධා පැමිණිනු වයස අවුරුදු 23 න් පහළ කාන්තා සුපිරි ලීග් ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම අද (26 දා) පෙරවරුවේ සමත්විය. ඒ ප්‍රබල කොළඹ ක්‍රීඩිකාවන් කඩුලු 4 ක පරාජයකට ඇද දමමිනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම අවසන් මහ තරයේදී කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනයට අනුව පළමුව පන්දුවට පහර දීමට පිවිසි කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 98 ක් රැස් කරගත් නමුදු ඊට පිිළිතුරු ලෙස දඹුලු පිතිකාරිණියෝ පන්දුවාර 18 කුත් පන්දු 2 කදී ඉලක්කය සපුරා ගියේ කඩුුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි’

පළමුව පන්දුවට පහර දීමට පැමිණි කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් වුණු ශිකාරි ද සිල්වා අශානි කෞෂල්‍යා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක සාර්ථක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් වුවද ඒ අතර පිවිසි හරිනි පෙරේරා එම කඩුලු දවා ගනිමින් තරගයේ වාසිය දඹුල්ල කණ්ඩායම වෙත නතු කර දුන්නාය. අනතුරුව ක්‍රියාතම්ක වුණු වමත් දඟ පන්දු යවන්නිය වන කණ්ඩායමේ නායිකා විදුෂිකා පෙරේරා පන්දුවාර 4 දී ලකුණු 24 ක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගනිමින් කොළඹ කණ්ඩායම අසරණත්වයට ඇද දැම්මාය. කොළඹ කණ්ඩාම වෙනුවෙන් ශිකාරි රැස් කරන ලද ලකුණ් 25 හැරුණු කොට ගෙන අනෙක් එක් පිතිකාරිණියක හෝ ලකුණු 20 සීමාව ඉක්මවාලීමට සමත් නොවුණාය.

ඉලක්කය හඹා යෑමේදී දඹුලු ආරම්භක පිතිකාරිණි හෂිනි ඉන්ද්‍රජිත් ලකුණු නොලබාම දවා ගැනීමට හෂිණි ලියනගේ සමත් වුවද අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ විමොෂ්කා බාලසූරිය (27) කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ අඩිතාලම එක් කළාය. මැද පෙළ පිතිකාරිනියන් එචරම් සාර්ථක නොවුනද අංක 6 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ලිමී තිලකරත්න පන්දු 25 කදී නොදැවී ලකුණු 21 ක් ලබා දඹුලු පිලේ ජයග්‍රහණය සනාථ වන තෙක්ම පන්දුවට පහර දුන්නාය. ඇයගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වද්දී විමෝක්ෂා තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් වර්ණවත් කර ගත්තාය. මෙම පිතිකාරිණියන්ට අමතරව නායිකා විදුෂිකා පෙරේරා පන්දු යැවීමට අමතරව පන්දු 15 ක් ඇතුළත ලකුණු 14 ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියාය.

පන්දු යැවීමේදී හෂිනි ලියනගේ ලකුණු 20 ක් ඇතුළත කඩුලු 3 ක්ද තරුෂි තත්සරණි ලකුණු 20 කට කඩුලු 2 ක් දවා ගත්තද එම දක්ෂතා දඹුලු කණ්ඩායමේ ජයග්‍රහණය අඩපණ කරළීමට තරම් බලපෑමක් එක් නොකළහ.

කොළඹ පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 98 යි – (ශිකාරි ද සිල්වා 25, නිකේෂා විජේසේකර 19, විදුෂිකා පෙරේරා 24/3, හරිනි පෙරේරා 12/2)

දඹුල්ල පන්දුවාර 18.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 99 යි – (විමෝක්ෂා බාලසූරිය 27, ලිමී තිලකරත්න 21*, විදුෂිකා පෙරේරා 14*, හෂිනි ලියනගේ 20/3, තරූෂි තත්සරණි 20/2)

Back To Top