ගියවර ශූරයන් මූලික වටයෙන්ම ආපසු එනවිට පාකිස්තානය හා බංග්ලාදේශය අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගි එන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් දෙවන අවසන් පූර්ව තරගය අද බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර බංගලාදේශයේ මීර්පූර්හි ශෙයාර් බංගලා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි.

එම තීරණයට සාධාරණයක් එක්කිරීමට සමත් වූ බංගලාදේශ පන්දු යවන්නන් ඇෆ්ගනිස්තාන පළමු කඩුලු 4 ලකුණු 36ක් තුළ දවා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව ලකුණු 73දී 5වන කඩුල්ලත් දවා ගත් බංග්ලාදේශය ඉතා පහසු ජයග්‍රහණයක් වෙනුවෙන් පිඹුරුපත් සැකසූහ. නමුත් ඩර්විශ් රසෝලි අග පෙළ පිතිකරුවන් එක්වෙමින් ඇෆ්ගනස්තානය සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් විය.. මෙහිදී විශිෂ්ඨ ඉනිමක් ඉනිමක් ක්‍රීඩා කළ රසෝලි ළකුණු 114ක් ලබා ගත්තේ 4 පහර 7ක් හා 6 පහර 7ක් ඊට අන්තර්ගත කරමිනි. ඔහුට අනගි සහායක් ලබාදුන් ශෆීක් හා තරීක් ඇස්ටනක්සායි පිළිවෙළින් ලකුණු 34ක් හා ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් විය.. නියමිත පන්දුවාර 50 අවසානයේදී ඇෆ්ගනස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 228 ක් ලබා ගැනීමට සමත් විය.
බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරතවූ සුම්‍ය සර්කාර් හා හසන් මහමුද් කඩුලු 3 බැගින් බිඳ හෙලන ලදි.

ලකුණු 229ක් ජයග්‍රාහි ඉලක්කයක් වුනොත් පිටියට පිවිසි බංගලාදේශයේ ආරම්භය එතරම් යහපත් නොවුනේ ප්‍රථම කඩුල්ල ලකුණු 26 දී දැවී යාම හේතුවෙනි. නමුත් ඉන් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු එකසිය 107ක සම්බන්ධතාවයක් එක්කල නායක නජ්මුල් හුසේන් හා සුම්‍ය සර්කාර් බංගලාදේශ ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන යාමට සමත් විය.මෙහිදී සර්කාර් ලකුණු 61ක් ලබාගත් අතර නජ්මුල් ළකුණු 59ක් ලබාගැනීමට සමත්විය.

පන්දුවාර 39යි පන්දු 5ක් අවසානයේ දී කරුණු තුනක් 3ක් පමණක් දැවී බංග්ලාදේශය ලකුණු 229ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර තරගය ජයග්‍රහණය කරන මොහොතේ නොදැවී ක්‍රීඩා කළ යසර් අලි ළකුණු 38ක් හා අෆීෆ් හුසේන් වේගවත් ලකුණු 45ක් ලබාගනිමින් ක්‍රීඩා පිටියේ රැඳී සිටියහ.
ඇෆ්ගනස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී අබ්දුල් වාසි කඩුලු දෙකක් බිඳ හෙලන ලදි.

මෙම ජයග්‍රහණයත් සමඟින් එළඹෙන 23 වනදා (සෙනසුරාදා) පාකිස්තානය සමගින් ආසියානු නැගිඑන ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීම වෙනුවෙන් බංග්ලාදේශය සටන් වදිනු ඇත. ගියවර ශූරතාව දිනූ ශ්‍රී ලංකාව තමා සහභාගිවූ තරග තුනම පරාජයට පත්වෙමින් මූලික වටයෙන්ම ඉවත් වීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.

ඇෆ්ගනිස්තානය 228 – 9 රාසෝලි 114 , ශෆීක් 34 මහමුද් 3 – 48 සර්කාර් 3 – 58

බංග්ලාදේශය 229 – 3 (39.5) සර්කාර් 61 ,ශැන්ටෝ 59 අබ්දුල් වාසි 2 -46.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top