චමරිගෙන් කොළඹට දැවැන්ත ප්‍රහාරයක්. හර්ෂිතා නැවතත් මහනුවර වෙනුවෙන් පෙරමුණට

[vc_row][vc_column][vc_column_text]2020 කාන්තා ලෝක කුසලානය ඉලක්ක කොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන 20-20 සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ අද උදෑසන පැවැති තරගයේදී කොළඹ පිලට එරෙහිව ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්විය.

කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ නායිකා චමරි අතපත්තු පන්දු 47 කදී වේගවත් ලකුණු 95ක් ලබා ගැනීමට සමත් විය.මේ සඳහා දැවැන්ත හයේ පාරවල් හයක් හා හතරේ පහර දහයක් ඇය අන්තර්ගත කොට තිබුණි.

ඇයට අනගි සහයක් ලබාදෙමින් ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 27ක් ද හංසිමා කරුණාරත්න ලකුණු 22ක් හා ශශිකලා සිරිවර්ධන ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් විය. මේ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දඹුලු කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 182 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය.

පන්දුවාර 20 කදී ලකුණු 183ක අසීරු ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි කොළඹ කණ්ඩායම පන්දුවාර 18.2 කදී සියලු දෙනා දැවී ළකුණු 136ක් පමණක් ලබා ගන්නා ලදී. කොළඹ කණ්ඩායම් වෙනුවෙන් සාර්ථක ඉනිමක් දියත් කළ ජේෂ්ඨ ක්‍රීඩිකා ඩිලානි මනෝදරා ලකුණු 52ක් ලබා ගත් අතර ඇගේ බෙල්ලේහි පන්දුවක් වැදීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ඇයට ක්‍රීඩාංගණයෙන් ඉවත්වීමට සිදුවිය.

පන්දු යැවීමේ දී නැවතත් ක්‍රියාත්මක වූ චමරි අතපත්තු ළකුණු 17කට කඩුලු 2ක් බිද දමමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සමත් වූවාය.

දඹුල්ල 182 – 3 (20) – (චමරි අතපත්තු 95, ප්‍රසාදිනී වීරක්කොඩි 27,ශශිකලා සිරිවර්ධන 30*, ඕෂධී රණසිංහ 38/1, ෂෙරීනා රවිකුමාර් 23/1)

කොළඹ 136 – 10 (18.4) ඩිලානි මනෝදරා 52, අමා කාංචනා 30, සිරිවර්ධන 24/2, චමරි අතපත්තු 17 /2, කුමාරි 25 /2

මෙම තරගාවලියට සමගාමීව අද සවස පැවති දෙවන තරගය ලකුණු සම වීම හේතුවෙන් අවසන් විය.. තරගය පැවැත්වුණේ මහනුවර කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම් අතරය.

අඩු ලකුණු සංඛ්‍යාවක් සටහන් වූ මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 19.4 කදී සියළු දෙනා ලකුණු 78 කට සීමා කිරීමට මහනුවර පන්දු යවන්නියෝ සමත් විය. ඒ අනුව ළකුණු 79ක පහසු ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි මහනුවර කණ්ඩායමේ 17 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවෙන් පසුව ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් නැවතත් තරගය ආරම්භ කිරීමට විනිසුරුවරයන්ට නොහැකි විය.

ඒ වනවිට මහනුවර කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 67 ක් ලබා සිටි අතර ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා ඔවුන් හට කඩුලු 7ට ළකුණු 68ක් ලබා ගත යුතුව තිබණි.

දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගය ජය වාර්තා කිරීමට සමත්ව සිටි මහනුවර කණ්ඩායම මෙම තරගයද ලකුණු සමවූ බැවින් දෙපිළටම හිමි සම ලකුණු හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමිවිය.

මහනුවර පිල වෙනුවෙන් නැවතත් නායකත්වයේ ඉනිමක් දියත් කළ නායිකා හර්ෂිතා මාධවී පන්දු 40 කට මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබා ගත්තාය. පළමු තරගයේදීද ලකුණු 66 ක් ලබා ගත් හර්ෂිතා මෙම තරගයේදීද ලකුණු අතරට පැමිණීම සුබ පෙරනිමිත්තකි.අවාසනාවන්ත ලෙස හර්ෂිතා ලකුණු 44කට දුවද්දී දැවී නොයන්නට අද තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට තිබුණි.

පන්දු යැවීමෙන් ගාල්ල කණ්ඩායම වෙනුවෙන් මල්ෂා පන්දුවා 4 තුළදී ලකුණු 06 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවාය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ ළකුණු 18ක් ලබාගත් ක්‍රිෂාන්ති සඳමාලිය

මහනුවර කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සචිනි නිසංසලා ලකුණු 14 කට කඩුලු 4 ක් බිඳ දැමීමට සමත්වූවාය.

ගාල්ල කණ්ඩායම 78 -10 (19.4) ක්‍රිෂාන්ති සඳමාලි 18, අනුෂිකා සංජීවනී 15 නිසංසලා 13/4, උමේෂා තිමාෂානි 14/2,

මහනුවර කණ්ඩායම ලකුණු 67-7 (17.4) හර්ෂිතා මාධවී 44, මල්ෂා ෂෙහානි 06/3, උදේෂිකා ප්‍රබෝදනී 17/1.

– චානක මධුසාගර-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top