තද වැසි නිසා ආසියානු කුසලානය කොළඹින් පිටතට රැගෙන යාමේ සූදානමක්

[vc_row][vc_column][vc_column_text]2023 ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. පකිස්ථානයට එරෙහිව ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, අවස්ථා දෙකකදී තරගය නතර විය. අවසන් ප්‍රතිඵලයක් නොලැබීම නිසා දෙවැනි ඉනිම සම්පූර්ණයෙන්ම අතහැර දමන්නට සිදුවිය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයට (ACC) ඉදිරියටත් එයම සිදුවීම වැලැක්වීමට ශ්‍රී ලංකාව තුළ තරග පැවැත්වෙන ස්ථානය වෙනස් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි. සුපර් කණ්ඩායම් හතර වටයේ තරග සහ අවසන් මහා තරගය කොළඹදී පැවැත්වීමට නියමිත නමුත් ඉදිරි සති කිහිපය තුළ ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට වර්ෂාව ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. එබැවින් එම තරග දඹුල්ලට හෝ පල්ලෙකැලේට රැගෙන යාමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.

විකාශකයින් සහ කණ්ඩායම් මෙම ක්‍රීඩාංගණය මාරු කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එතරම් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කොට නොමැත. මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය දැන ඉදිරි පැය 24-48 තුළ සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top