තරඟ සංවිධායකින්ගේ වැරද්දන් තරඟය මග නවතී

[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ 18 වන තරඟය සහ ඊයේ දින අවසන් තරඟය ලෙස මොයින් අලී නායකත්වය දරන ටීම් අබුඩාබි සහ ශේන් වොට්සන්නායකත්වය දරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල අතර පැවත්විනි.

දැඩි ආන්දෝලනයකට තුඩු දෙමින්තරඟයේ අවසාන භාගයේ පැවති වර්ශාවෙන් අනතුරුව නිසි ඩක්වර්ත් ලුවිස් ලකුණු සටහනක්ක්‍රීඩකයන්ට ලබා දීමට තරඟ තීරකවරුන් අපොහොසත් වීම නිසා මෙම තරඟය අතහැර දමන්නට විය. මෙම සිදුවීමට මොහමඩ් ශෙසාඩ්ඇතුලු ක්‍රීඩකයන්ද දැඩි විරෝධයක් එල්ල කරන්නට විය

තරඟාවලිය පුරාම නායකයන් ලබා ගත් සුපුරුදු තීරණය ලබාගත් ශේන් වොට්සන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේ තම පිතිකරුවන්බලඇණියට ලකුණු හඹා යෑමට ඇති හැකියාව පිලිබඳ දැඩි විශ්වාසයක් තබා ගනිමිනි.

ආරාධනය පිලිගෙන පිටියට පිවිසි ටීම් අබුඩාබි පිලේ ආරම්භක පිතිකරුවන් යුගල වූ අවිශ්ක ප්‍රනාන්දු සජ ලුක් රයිට් අතරින් ප්‍රථම තරඟයේදවේගවත් අර්ධ ශතකයක් ලබාගෙන සාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේ වේගවත් ලකුණු 17ක් පන්දු 6ක් පමණක්වැය කර ලබාගෙනය.

කිසිදු ක්‍රීඩකයෙක්ට දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට නොහැකි වුනත් කණ්ඩායමේ මුල් පෙල සහ මැද පෙල පිතිකරුවන් සියල්ලම පාහේ ඉහළලකුණු වේගයක් පවත්වාගනිමිනි තම දායකත්වය කණ්ඩායමට ලබා දුම් නිසා පන්දුවාර දහය අවසානයේ ලකුණු 118ක් රැස් කරඅභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට ඔවුන් සමත් විය.

ලුක් රයිට් ලකුණු 23ක්ද මොයින් අලූ ලකුණු 18ක්ද රැස් කලේය. දක්ශ පන්දු යැවීමක නිරත වූ ෆවාඩ් අහමඩ් ලකුණු 7ක් පමණක් ලබාදෙමින් කඩුලු දෙකක් දවා

ලකුණු 119ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර දෙකයි පන්දු දෙකක් අවසානයේ ලකුණු 25ක් එක්කඩුල්ලක් පමණක් දැවී යම් සාර්ථක ස්ථානයක සිටියේය.

ඉන් පසු ඇඳ හැලුනු වර්ශාව හේතුවෙන් තරඟය නවත්වා යලි ආරම්භ කරන්න සිටියද තරඟ සංවිධාකයන් නිසි ලෙස ඩක්වර්ත් ලුවිස්ලකුණු සටහන් ක්‍රීඩකයන් ට ලබා දීමට අපොහොසත් වූ නිසා තරඟය කිසිවක් බලාපොරොත්තු නොවූ ලෙස අත හැර දැමීමට සිදු විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top