තවත් විදෙස් ක්‍රීඩකයෙක්ට කොරෝනා

[vc_row][vc_column][vc_column_text]LPL තරඟාවලිය නියෝජනය කිරීමට මෙරටට පැමිණෙන විදෙස් ක්‍රීඩකයින් සියලු දෙනා අවස්ථා කිහිපයකදීම PCR පරීක්ෂණ වල යොමු කර දින 7ක නිරෝධායනයට යොමු කරනු ලබනවා. එලෙස PCR පරීක්ෂණ කිරීමෙන් ලැබුණු ප්‍රතිඵල අනුව LPL වෙනුවෙන් මෙරටට පැමිණි තවත් විදෙස් ක්‍රීඩකයෙක්ට කොරෝනා අසාධනය වී ඇති බව වාර්තා වනවා.

Kandy Tuskers කණ්ඩායම වෙනුවෙන් මෙරටට පැමිණි පාකිස්තාන ක්‍රීඩක සොහේල් තන්වීර්ගේ PCR පරීක්ෂණයෙන් ඔහුව කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි වාර්තා වන්නේ.

තන්වීර් මෙරටට පැමිණියේ පකිස්තාන් සුපර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම ඔහු දින දෙකකට ඉහතදී Jaffna Stallions කණ්ඩායම වෙනුවෙන් පැමිණි පකිස්තාන් ක්‍රීඩක උස්මාන් ශින්වාරි සමඟ සමාජ මාධ්‍ය තුල ඡායරුපයක් එක්කර තිබුන LPL පිළිබඳවද සටහනක් තබමින්.

තන්විර් LPL තරඟාවලියට පැමිණි විදෙස් ක්‍රීඩකයින් අතුරින් COVID-19 අසාදිත බවට වාර්තා වූ දෙවන විදෙස් ක්‍රීඩකයායි. මිට පෙර ඊයේ දිනයේදී Colombo Kings කණ්ඩායම නියෝජනය කිරීමට මෙරටට පැමිණි කැනඩා ක්‍රීඩක රවිද්‍රපාල් සින් ට කොරෝනා අසාදනය වී ඇති නැවට වාර්තා වුනා.

උපුටා ගැනීම – Cree Da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top