තිසර පෙරේරා මෙහෙයවන බංග්ලා ටයිගර්ස් පිල තරඟාවලියේ 3වන ස්ථානය හිමි කරගනී.

[vc_row][vc_column][vc_column_text]සති තුනක් පුරා පැවති අබුඩාබි T10 තරඟාවලියේ අවසාන දිනය අද වන අතර අවසාන මහා තරඟය මරතා ඇරබියන්ස් සහ ඩෙකෑන්ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවත්වීමට නියමිතය.

එම තරඟයට ප්‍රථමව තරඟාවලියේ තුන්වන සථානය සඳහා තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් සහ ඩේවිඩ් මාලන්මෙහෙයවන ක්වැල්නඩර්ස් පිල අතර පැවත්වුනි.

කාසියේ වාසිය දිනා තිසර පෙරේරා සුපුරුදු පරිදි පන්දු යැවීමට තීරණය කල කණ්ඩායමේ පන්දුයවන අංශය සිය රාජකාරිය හොඳින් ඉටු කලනියමිත පන්දුවාර 10 අවසානයේ ක්වැල්නඩර්ස් පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 109ක් පමණි.

පිලිප් සෝල්ට් ලකුණු 30ක් ද නායක ඩේවිඩ් මාලන් ලකුණු 23ක්ද රැස් කලේය.

කඩුලු දවාගැනීමේදී ශ්‍රී ලංකාවෙන් තරඟාවලියට සහභාගී වූ ජාතික කණ්ඩායමේ වරම් පවා හිමි නොවූ ප්‍රභාත් ජයසූරිය සහ කෙවින්කොත්තිගොඩ පිලිවෙලින් කඩුලු දෙකක් සහ එකක්. දවාගත්තේය.

ඉලක්කය හඹා ගිය බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක යුගල වූ ඇන්ඩෘ ෆ්ලෙචර් සහ රිලී රූසෝ වේගවත් ආරම්භයක්ලබා ගනිමින් ජයග්‍රහණය සඳහා මං විවර කලේය.

ඇන්ඩ්‍ර්‍රෙ ෆ්ලෙචර් පන්දු 30කදී ලකුණු 52ක්ද රිලී රූසෝ පන්දු 15කදී ලකුණු 31ක්ද රැස් කලේය.

ලබා ගත් පහසු ආරම්භය නිසා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී පන්දු දෙකක් ඉතිරිව තිබියදීම සිය ජයග්‍රහණයසම්පුර්ණ කර තරඟාවලියේ තුන්වන ස්ථානය හිමි කරගත්තේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top