ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යුනියන් – නිගම්බු අතර තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ තීෂාන් විතුෂාන් ලකුණු 20කට කඩුලු පහක් දවාලීම මත ටැමිල් යුුනියන් කණ්ඩායමට ලකුණු 71ක ජයක් අත්විය. එස්.එස්.සී. සහ ඒස් කැපිටල් අතර තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ලකුණු 16කට කඩුලු දෙකක් දවා පසුව ආරම්භක පිතිකරු ලෙස පන්දු 19කදී හතරේ හතරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 25ක් රැස් කළත් මැදපෙළ පිතිකරුවන් එතරම් සාර්ථක නොවීමෙන් ඒස් කැපිටල් ලකුණු 46ක ජයක් හිමිවිය.
මීට අමතරව අද (15) පැවැති තවත් තරග දෙකකදී බී.ආර්.සී. කඩුලු පහකින් බදුරලියත් මුවර්ස් කඩුලු අටකින් චිලව් මේරියන්ස් ද පරාජය කළේය.
- බී.ආර්.සී. කඩුලු පහකින් බදුරලිය පරාජය කරයි.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘බී‘ කොටසට අයත් මේ තරගයේදී බී.ආර්.සී. කණ්ඩායමේ මොහමඩ් ශිරාෂ් (15/3) සහ රවිජ සඳරුවන් (40) විශේෂ දස්කම් පෑ අතර බී.ආර්.සී. මේ තරගය ජය ගත්තේ තවත් ඕවර 9.2ක් (පන්දු 56ක්) ඉතිරිව තිබියදීය.
බදුරලිය ඕවර 20දී කඩුලු 9ට 80යි – (අමාටියා කොවුල් 18, අලංකාර අසලංක 17, ෂීන් විජේසිංහ 13, යුතික දිල්රුක් 09, මොහමඩ් ශිරාෂ් 15/3, මාලින්ද පුෂ්පකුමාර 18/2යි)
බී.ආර්.සී. ඕවර 10.4කදී කඩුලු 5ට 85යි – (රවිජ සඳරුවන් 40, මොවින් සුබසිංහ නොදැවී 18, ෂීන් විජේසිංහ 21/4)
- මුවර්ස් කඩුලු 8කින් චිලව් මේරියන්ස් පරාජය කරයි.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘බී‘ කොටසට අයත් වූ මේ තරගයේදී මුවර්ස් කණ්ඩායමේ තිලංග උදේශාන් (16/4) ජනිෂ්ක පෙරේරා (නොදැවී 49) සහ සොහාන් ඩි ලිවේරා (47) කැපී පෙනෙන දක්ෂතා පෙන්වූහ. මුවර්ස් දෙවන කඩුල්ලට ජනිෂ්ක පෙරේරා සහ සොහාන් ඩි ලිවේරා පන්දු 49කදී ලකුණු 63ක් ද තෙවන කඩුල්ලට ජනිෂ්ක පෙරේරා සහ පසිඳු සූරියබණ්ඩාර පන්දු 50කදී ලකුණු 65ක් ද රැස් කළහ. ජනිෂ්ක පෙරේරා නොදැවී 49ක් ද (පන්දු 41යි හතරේ පහරයි හයේ හතරයි) සොහාන් ඩි ලිවේරා ලකුණු 47ක් ද (පන්දු 25යි හතරේ පහයි හයේ පහරයි) සහ පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 29ක් ද (පන්දු 25 හතරේ දෙකයි) දස්කම් දැක්වුහ.
චිලව් මේරියන්ස් ඕවර 20දී කඩුලු 8ට 124යි – (එතුමල් නිමේෂ 29, කවිඳු නිර්මාල් 21, ලසිත් ලක්ෂාන් 19, චමෝද් සඳරුවන් 18, තිලංග උදේශන 16/4)
මුවර්ස් ඕවර 16.5කදී කඩුලු 2ට 128යි – (ජනිෂ්ක පෙරේරා නොදැවී 49, සොහාන් ඩි ලිවේරා 47, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 29, රජිඳු පුංචිහේවා 20/1යි)
- ටැමිල් යුනියන් ලකුණු 71කින් නිගම්බු පරාජය කරයි.
ටැමිල් යුනියන් කණ්ඩායමේ තීෂාන් විතුෂාන් ලකුණු විස්සකට කඩුලු පහක් දවාලීමත් සිතාර හපුහින්න ලකුණු 35යි (පන්දු 26යි හතරේ තුනයි හයේ පහරයි) සහ තෙවිඳු සේනාරත්න ලකුණු 29ක් ද (පන්දු 10යි හතරේ දෙකයි හයේ තුනයි) ලකුණු රැස් කිරීමේදී දැක් වූ දක්ෂතා මත ටැමිල් යුනියන්ට ලකුණු 71ක පහසු ජයක් අත්විය. ‘සී‘ කොටස අයත් මේ තරගය මග්ගොනදී පැවැත්විණි.
ටැමිල් යුනියන් ඕවර 20දී කඩුලු 9ට 147යි – (සිතාර හපුහින්න 35, තෙවිඳු සේනාරත්න 29, සිනෙත් ජයවර්ධන 17, සඳුන් වීරක්කොඩි 15, තරිඳු හර්ෂණ 14, චනුර ප්‍රනාන්දු 31/4, නිශාන් පීරිස් 31/2, ශෙෂාන් ප්‍රනාන්දු 29/2)
නිගම්බු ඕවර 15.5කදී සියල්ල දැවී 76යි – (උමේෂ ලක්ෂාන් 16, දිල්ෂාන් මුණවීර 14, ශෙෂාන් ප්‍රනාන්දු 12, මලීෂ සිල්වා 10, තීෂාන් විතුෂාන් 20/5)
- ඒස් කැපිටල් ලකුණු 46කින් එස්.එස්.සී. පරාජය කරයි.
මග්ගොනදී පැවැති ‘සී‘ කොටසට අයත් මේ තරගයේදී ඒස් කැපිටල් ඕවර 20කදී කඩුලු 5කට රැස් කළ ලකුණු 178 හඹායාමේදී එස්.එස්.සී. ප්‍රථම කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 27ක් ද (පන්දු 20යි හතරේ තුනයි හයේ පහරයි) ධනුෂ්ක ගුණතිලක ලකුණු 25ක් ද (පන්දු 19යි හතරේ හතරයි හයේ පහරයි) මුල් විකට්ටුවට ඕවර පහකදී ලකුණු 44ක් රැස් කළත් පසුව කඩුලු අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් ඔවුනට ජයග්‍රහණ ඉලක්කය කරා යාමට අවස්ථාව නොලැබිණි.
ඒස් කැපිටල් ඕවර 20දී කඩුලු 5ට 178යි – (පවන්ත වීරසිංහ නොදැවී 60, තානුක දාබරේ 40, සකුන ලියනගේ 26, ධනුෂ්ක ගුණතිලක 16/2, ලක්ෂිත මනසිංහ 31/1යි)
එස්.එස්.සී. ඕවර 20දී කඩුලු 9ට 132යි – (අවිශ්ක ප්‍රනාන්දු 27, ධනුෂ්ක ගුණතිලක 25, ක්‍රිෂාන් සංජුල 15, ෂෙවෝන් ඩැනියල් 14, දිනුර කළුපහන 12, දනාල් හේමානන්ද 21/3, නිම්සර අතරගල්ල 12/2)