ශ්රී ලංකා තේරීම් කමිටු සාමාජික දිල්රුවන් පෙරේරා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත. ඒ පුහුණුකරුවෙකු ලෙසින් ක්රිකට් ක්රීඩාවට අවතීර්ණ වීමේ බලාපොරොත්තුව සහිතවයි.
උපුල් තරංගගේ ප්රධානත්වයෙන් යුත් වත්මන් පස් දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වූ හිටපු දගපන්දු යවන්නා, පුහුණුකරුවෙකු වීමට ඇති ආශාව නිසා එලෙසින් ඉවත් වීමට තීරණය කර ඇත.
ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු ඩුබායි හි පැවැත්වෙන ACC 19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස දිලරුවන් පෙරේරා පත් කරන ලද නමුත් මෙය තාවකාලික පත්වීමක් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කොට ඇත.