දරුණු 20-20 තරගාවලිය පරාජයකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අවසන් වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තෙවන හා අවසන් 20 -20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද මෙල්බර්න් නුවරදී පැවැත්වුණි.

මෙහිදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක ඒරෝන් ෆින්ච් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථා ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිනමන ලදි.

තෙවන හා අවසන් 20-20 තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනස්කම් හතරක් සිදු කොට තිබූ අතරදෙවන තරගයෙන් ඉවත් කොට තිබූ ඕෂධ ප්‍රනාන්දු හා භානුක රාජපක්ෂ නැවතත් කණ්ඩායම් එක් කර තිබූ අතර ලහිරු කුමාර හා ශෙහාන් ජයසූරිය තරග මාලාව තුළදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණි.. ඒ අනුව දෙවන තරගය ක්‍රීඩා කළ කළ ධනුෂ්ක ගුණතිලක , ඉසුරු උදාන වනිඳු හසරංග හා ශානක මෙම තරගයෙන් ඉවත් කොට තිබුණි.

නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කළ අතර මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු තුනක් තිබියදී තමා මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන්ම නිරෝෂන් දික්වැල්ල දැවී යාම ශ්‍රී ලංකා ආරම්භයම අසාර්ථක විය. අනතුරුව කුසල් මෙන්ඩිස් ලකුණු 13 කටත් අවිශ්ක ප්‍රනාන්දු ලකුණ 20කටත් දැවී ගිය අතර ඔවුන් දෙදෙනාම සිය ලකුණු සංඛ්‍යාවට වඩා වැඩි පන්දු සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීම අවාසිදායක තත්වයක් විය. අනතුර ඕෂධ ලකුණු 6 කට දැවී ගිය අතර ශෙහාන්ගේ ඉනීම ලකුණු 12කට සීමා විය.

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු භානුක රාජපක්ෂ නොම්බර 7 ක්‍රීඩකයා ලෙස පිටියට පැමිණීම පුදුම සහගත වුවද ඔහු ලද අවස්ථාවෙන් හයේ පහර එකක් හා හතරේ පහර එකක් සමගින් වේගවත් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් විය..

මේ අනුව පන්දුවාර විස්ස අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 142ක් ලබා ගැනීමට සමත් විය..
හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 45කදී හතරේ පහර 4ක් හා හයේ පහර 1ක් සමගින් ළකුණු 57ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 143ක ජයග්‍රහි ඉලක්කයක් වෙනුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළ නායක ෆින්ච් හා වෝනර් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක් එක් කරමින් සාර්ථක අඩිතාලමක් ඕස්ට්‍රේලියාවට ලබා දෙන ලදි. මෙහිදී ෆින්ච් වේගවත් ලකුණු 37ක් ලබා ගැනීමට සමත්විය.

ඉවසිලිවන්ත ජයග්‍රාහි ඉනිමක් ක්‍රීඩාකළ ඩේවිඩ් වෝනර් තරඟාවලියේ තෙවන වතාවටත් ලකුණු 50 කඩඉම පසු කිරීමට සමත්විය..මේ සමගින් ඔහු 20-20 ජාත්‍යන්තර ලකුණු 2000 කඩඉම වෙත ළඟාවූ ලොව 6 වන ක්‍රීඩකයා බවටද පත් වීමට සමත් විය.

තරගය ජයග්‍රහණ කරන මොහොතේ නොදැවී ක්‍රීඩා කළ වෝනර් පන්දු 50කදී නොදැවී ලකුණු 57 ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාව කඩුලූ 7 ක ජයග්‍රහණයක් කරා රැගෙන යාමට සමත් විය.. අනික් අන්තයේ නොදැවී ක්‍රීඩා කළ ඇස්ටන් ටර්නර් ළකුණු 22ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක ලසිත් මාලිංග , නුවන් නුවන් ප්‍රදීප් හා ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් විය.

තරඟයේ හා තරගාවලියේ වීරයා වශයෙන් ඩේවිඩ් වෝනර් නම් කරන ලදි.

ශ්‍රී ලංකාව ළකුණු 142 – 6 (20 ) කුසල් ජනිත් පෙරේරා 57 , අවිශ්ක ප්‍රනාන්දු 20
පැට් කමීන්ස් 2 -23 , කේන් රිචර්ඩ්සන් 2 -25

ඕස්ට්‍රේලියාව 145 -3 (17.4)

ඩේවිඩ් වෝනර් 57* , ඒරෝන් ෆින්ච් 37
නුවන් ප්‍රදීප් 1 -20
ලසිත් මාලිංග 1 – 22[/vc_column_text][vc_row_inner][vc_column_inner][vc_column_text]

Sri Lanka vs Australia 3rd T20 Photos

[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][/vc_column][/vc_row]

Back To Top