ධනංජය – චරිත් – චාමික පුහුණුවීම් අරඹති

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය තරග සංචාරයෙන් පසු දින කීපයක් විවේක ගැන්වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් අද (15 දා) පසුවරුවේදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වලට සහභාගිවූහ.

ඩයලොග් SLC ආරාධිත ක්‍රිකට් තරගාවලිය යටතේ ධනංජය ද සිල්වා බ්ලූස් පිලේ නායකයා ලෙසද, චරිත් අසලංක ග්‍රේස් පිලේ උප නායකයා ලෙසද කටයුතු කරන අතර චාමික කරුණාරත්න රෙඩ්ස් පිල නියෝජනය කරති. ඒ අනුව මොවුන් තිදෙනා ඊයේ (14 වැනිදා) මහනුවරට පැමිණි අතර සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව අද දිනයේදී පුහුණුවීම් වලට සහභාගිවී සිටියහ. අදාළ පුහුණුවීම් ඔවුන් තිදෙනා අතරට පමණක් සීමා වෙමින් පැවැත්වීමද විශේෂත්වයකි.

ඊට අමතරව අද දිනයේදීද සියළුම ක්‍රීඩකයින් සහ නිලධාරීන් වෙනුවෙන් පී. සී. ආර්. පරීක්ෂණ පැවැති අතර ඔවුන් තිදෙනාද ඊට අයත් විය. ඒ අනුව එම පී.සී.ආර්. පරීක්ෂණයෙන්ද ඔවුන් තිදෙනා සමත් වන්නේ නම් ඔවුන්ට හෙට තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

පළමු තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ධනංජයට අහිමි වූ නමුත් එහි උප නායකයා ලෙස කටයුතු කරන ලද ඇන්ජලෝ පෙරේරා තාවකාලිකව නායකත්වය දරමින් එම තරග 2 ම ජයග්‍රහණය කිරීමට සමත්විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top