නව තේරීම් කමිටු සභාපති ධුරය ප්‍රමෝද්‍

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධව කටයුතු කිරීම සඳහා 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජිකයකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කරන ලද මෙම කමිටුවට වික්‍රමසිංහ මහතාට අමතරව, රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්. එච්. උවයිස් කර්නයින් යන මහත්වරුන් සහ තිලකා නිල්මිණී ගුණරත්න මහත්මිය ඇතුළත්ව සිටිති.

පත් කරන ලද මෙම නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යවන ලද නිර්දේශයන් වලට අනුව ජාතික තේරීම් කමිටුව විසින් මෙම තේරීම් කමිටුව නම් කර තිබේ.

පත් කරන ලද නව තේරීම් කමිටුව – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා(සභාපති), රොමේෂ් කළුවිතාරණ මහතා, හේමන්ත වික්‍රමරත්න මහතා, වරුණ වරාගොඩ මහතා, එස්.එච්. උවයින් කර්නයින් මහතා, තිලකා නිල්මිණී ගුණරත්න මහත්මිය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top