[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී හරිස් රවුෆ් සහ නසීම් ෂා යන වේගපන්දු යවන්නන් දෙදෙනාම ආබාධයන්ට ලක්විය. ඒ හේතුවෙන් ශාහ්නවාස් ධහානි හා සමාන් ඛාන් යන ක්‍රීඩකයන් දෙදෙනා ආදේශක ක්‍රීඩකයන් ලෙසින් නම් කොට ඇත. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීම වෙනුවෙන් අද මෙරටට පැමිණීමට නියමිතයි.
එළඹෙන මාසයේ පැවැත්වීමට නියමිත ICC එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය සැලකිල්ලට ගෙන පූර්වාරක්ෂාකාරී පියවරක් ලෙස මෙම තීරණය ගැනීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කොට ඇත.[/vc_column_text][/vc_column][/vc_row]