නසීම් ෂා ක්‍රිකට් වාර්තා පොත් අතරට

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක් වීමට 16 හැවිරිදි පාකිස්තාන වේග පන්දුයවන ක්‍රීඩක නසීම් ෂා සමත් වුණා.

ඒ බංග්ලාදේශයට එරෙහිව රාවල්පින්ඩිහිදී පැවැත්වුවෙ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී. බංග්ලාදේශ – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී නසීම් ෂා මෙම වාර්තාව පිහිටවූ අතර ඔහු හමුවේ දැවී ගිය ක්‍රීඩකයින් වන්නේ නජ්මුල් හොසේන්, ටයිජුල් ඉස්ලාම් සහ මහමුදුල්ලායි.

මීට පෙර ටෙස්ට් ක්‍රිකට් පිටියේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තාව පිහිටුවා තිබුණේ බංග්ලාදේශයේ ආලෝක් කපාලි. ඔහු 2003 වසරේදී පාකිස්ථානයට එරෙහිව මෙම වාර්තාව පිහිටුවා තිබුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 19 ක්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top