[vc_row][vc_column][vc_column_text]
එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැරණි නායකත්වය යටතේම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නායකත්වය තවදුරටත් දසුන් ශානක වෙතම ලබාදීමට තේරීම් කමිටුව තීරණය කොට ඇතැයි Ceylon Sports වෙත තොරතුරු වාර්තා වෙයි.
දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් කිරීම පිළිබඳව සම්බන්ධයෙන් තේරීම් කමිටුව අවධානය යොමු කොට ඇති බවට ඊයේ දිනයේ තොරතුරු වාර්තා විය. නමුත් අද දිනයේදී පැවති දීර්ඝ සාකච්ඡා වලින් අනතුරුව දසුන් ශානක තවදුරටත් නායකත්වයෙහි රදවා ගැනීමට තීරණය වී ඇති බව වාර්තා පළ වෙයි. ලෝක කුසලාන සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙත යොමු කොට ඇති අතර ඉදිරියේදී නිළ වශයෙන් දැනුම් දෙනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]