නුවනිඳුගේ ශතකයෙන් නැගී එන පිල පළමු ජය ලබයි

[vc_row][vc_column][vc_column_text]ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු (නොදැවී 126) සහ වේග පන්දු යවන නිපුන් රන්සික (11/4) දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් එංගලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ අවසාන 20-20 තරගයේදී ග්ලෝෂ්ටර්ෂයර් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 67 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සමත්විය.

නැගී එන කණ්ඩායම පන්දු වාරයකට සාමන්‍ය ලකුණු 10.25 ක් වන පරිද්දෙන් කඩුලු හතරක් පමණක් දැවී සිය පන්දුවාර 20 තුළ ලකුණු 205 ක් රැස් කළ අතර ග්ලෝෂ්ටරෂයර් ප්‍රාන්තය පන්දුවාර 16.3කදී සියලු පිතිකරුවන් දැවී රැස් කිරීමට සමත්වූයේ ලකුණු 138 කි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ අංක තුන හෝ හතර ස්ථානයෙහි පන්දුවට පහරදෙන ඉදිරිපෙළ පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු මෙදින ආරම්භක පිතිකරු ලෙසට උසස්වීමක් ලබමින් පන්දු 67කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 14ක් හයේ පහර හතරක් සමග නොදැවී ලකුණු 125 ක් රැස් කරමින් ලංකා ඉනිම ජයග්‍රාහී තත්ත්වයකට ගෙන ඒමට මුල්වී වූවේය. ආරම්භක වේග පන්දු යවන නිපුන් රන්සික මෙදින පන්දුවාර 2.3 ක් යවා ලකුණු 11කට පිතිකරුවන් හතරක්ම දවාලීමෙන් ග්ලෝෂ්ටර්ෂයර් ඉනිම ආරම්භයේදීම සිව්වන පන්දුවරය වනවිට ලකුණු 21කට කඩුලු තුනක් දවාලීමට සහය විණි.

දකුණතින් පිත්ත හසුරුවන් 22 හැවිරිදි ඉදිරි පෙල පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු මොරටුව සාන්ත සෙබස්ටින් විදුහලෙන් සහ දකුණතින් වේගපන්දු යනව ආරම්භක පන්දු යවන 23 හැවිරිදි නිපුන් රන්සික අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න විදුහලෙන් බිහිවූ පිට පළාත්වලින් පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වාදුන් ʽගමම ක්‍රිකට් ʼ වැඩ සටහනින් බිහිවූ ක්‍රීඩකයන් වීම විශිෂ්ටත්වයකි.

නැගී එන කණ්ඩායමේ හොඳම සබඳතාවය වූයේ දෙවන කඩුල්ලට නුවනිදු ප්‍රනාන්දු සහ නිපුන් ධනංජය පන්දු 55කදී රැස් කළ ලකුණු 80 වේ. මීට අමතරව ප්‍රථම කඩුල්ලට නුවනිදු ප්‍රනාන්දු සහ නිශාන් මධුෂ්ක ලකුණු 47ක් රැස් කළේ පන්දු 32ක් තුළදීය.

ලංකා කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ නිපුන් ධනංජය ලකුණු 31ක් රැස් කලේ පන්දු 22කට මුහුණදී හතරේ හතරක් සමග ය. අනෙක් ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 16කට මුහුණදී හතරේ දෙකක් සමග ලකුණු 20 ක්ද නායක ධනංජය ලක්ෂාන් පන්දු 11කදී හතරේ දෙකක් සමග ලක්ණු 14ක් ද ලැබූහ. ධනංජය ලක්ෂාන් පන්දු යැවීමේදී ද දක්ෂතා දැක්වූයේ ග්ලොෂ්ටර්ෂයර් පිල ලකුණක්වත් ලබා නොසිටියදී ආරම්භක පිතිකරු විලියම් ලුවිස් (00) දවාලමිනි. ලක්ෂාන් ලකුණු 29කට කඩුලු 4ක් දවාලූවේ ය.

ග්ලෝෂ්ටර්ෂයර් වෙනුවෙන් බෙන්වෙල්ස් ලකුණු 42ක්, ඔලිවර් ප්‍රයිස් 33ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභීන් බවට පත්වූහ.මේ ජයග්‍රහණයක් සමග ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්තයේ 20-20 තරගාවලිය නිමාවට  පත්වන්නේ 2-1 ක් ලෙසටය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 4ට 205 යි – නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 126, නිපුන් ධනංජය 31, නිශාන් මධුෂ්ක 20, ධනංජය ලක්ෂාන් 14, ජොස් ෂෝ 23/1

ග්ලෝෂ්ටර්ෂයර් පන්දුවාර 16.3කදී සියල්ල දැවී 138  – (බෙන් වෙල්ස් 42, ඔලිවර් ප්‍රයිස් 33, ටොම් ප්‍රයිස් 25, මැට් ටේලර් නොදැවී 18, නිපුන් රන්සික 11/4, ධනංජය ලක්ෂාන් 29/2, දිලූෂ සූධීර තිලකරත්න 25/1, නිපුන් මාලිංග 29/1, දුනිත් වෙල්ලාලගේ 32/1[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top