පකිස්තානට පළමු තරගයේ ජය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 127 කින් ජය ගැනීමට පකිස්තාන සමත් වුණා.තරගය පවත්වුණේ පකිස්ථානයේ මුල්තාන්හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 230 ක් රැස් කලා.කොදෙව් පළමු ඉනිම ලකුණු 137යි.දෙවැනි ඉනිමට පකිස්තානය රැස්කළ ලකුණු සංඛ්‍යාව 157 ක්.තරගය ජය ගැනීම සදහා කොදෙව් කණ්ඩායමට ලකුණු 251 ක් ඉලක්කයක් හිමිවුණා.

නමුත් ඔවුන්ට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 123 ක් පමණයි.1990 වසරින් පසු පාකිස්තානය සහභාගි ටෙස්ට් ක්‍රිකට් තරගයක් කෙටිම කාලයකින් අවසන් වූ අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක් වුණේ.

Back To Top