පරිස්සමට තරග තියන්නට අපට අවස්ථාව දෙන්න- රග්බි සභාපති

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ මෙරට සෞඛ්‍ය අංශයන්හි අනුමැතිය ලැබේ නම් ලබන ඔක්තෝබර් මාසය අගදී කොළඹ සහ දකුණ කේන්ද්‍රකර ගනිමින් අදියර දෙකක් යටතේ කාන්තා හා පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි. ඉකුත් සිකුරාදා (11 වැනිදා) රග්බි සංගමයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව කියා සිටියේය.

අදාළ සත් සාමාජික රග්බි තරගාවලිය සහ රග්බි සංගමයේ ඉදිරි වැඩකටයුතු මෙන්ම වයිරස තත්ත්වය හමුවේ ඉදිරියේදී රග්බි පුහුණුවීම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ සහ සියලුම ක්‍රීඩා සංගම් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලබන 17 වැනිදා ජාතික රග්බි සංගමයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එම කාරණා ද ඇතුළුව එහිදී සාකච්ඡා කෙරෙන කරුණු ක්‍රීඩා අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම රග්බි සංගමයේ අපේක්ෂාව වී තිබේ. යම් හෙයකින් අදාළ වැඩපිළිවෙළට එම ආයතනයන්හි අනුමැතිය ලැබුණහොත් ඉහත කී සත් සාමාජික රග්බි තරගාවලිය සිකුරාදා සහ සෙනසුරාදා වශයෙන් අදියර දෙකකදී පැවැත්වීම ඔවුන්ගේ සැලසුමයි.

ඒසේම සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් තරගාවලිය පැවැත්වෙන සති දෙකද, ඇතුළුව සති හතරක් එක් ස්ථානයක රඳවා ගැනීම සඳහා රග්බි සංගමය මගින් සියලුම පහසුකම් සලසන බැව්ද මෙහිදී පැවසිණි.

දුරස්ථ භාවය රැකෙන පරිදි එකී තරගාවලිය ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහිතව පැවැත්වීමට රග්බි සංගමයේ සැලසුම වුවත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත එය තීරණය වන බව මෙහිදී අනාවරණය විය.

‘අපිට අවශ්‍ය ලංකාවේ කොහේ හෝ රග්බි තරග පවත්වන්න පුළුවන් වටපිටාවක් හදන්න. ඒ නිසා මේ යෝජනා ඉදිරිපත් කරන්නේ ජාතික මට්ටමේ කණ්ඩායම්වලට විතරක් අවස්ථාව ගන්න නෙවෙයි. මේ යෝජනා පාසල් මට්ටමේ තරග පැවැත්වීම සඳහාත් බලපානවා. ඒ සම්බන්ධයෙන් අපි පාසල් රග්බි සංගමයේ සභාපතිවරයා සමගත් පසුගියදා කතා කළා.’ යනුවෙන් වත්මන් රග්බි සභාපති රිස්ලි ඉල්යාස් මහතා පැවසීය. ඉකුත් මැයි මාසයේදී ක්‍රිකට්, පාපන්දු සහ රග්බි යන ක්‍රීඩාවන් සඳහා පුහුණුවීම් කටයුතු සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබී තිබුණත් පුහුණුවීම් ආරම්භ කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රග්බි සංගමයේ නියෝජ්‍ය සභාපති.

📝 By ගයාශාන් විතානආරච්චි – අරැණ[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top