[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලිය අද දිනයේදී ආරම්භ විය. ක්‍රීඩා සමාජ 26ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ තරග 12ක් අද දිනයේදී පැවැත්විණි.
තරගාවලියට එක්වන කණ්ඩායම් කාණ්ඩ හතරකට බෙදා වෙන්කොට ඇති අතර එක් එක් කාණ්ඩයන්හි පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබනු ඇත.
තරගාවලියේ ආරම්භක දිනයේ පැවති තරගයකදී SSC නායක චරිත් අසලංක පොලිස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කිරීමට සමත් විය. පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් හා හයේ පහර 5ක් සමගින් නොදැවුනු ලකුණු 178ක් රැස්කිරීමට අසලංකට හැකිවිය.
එමෙන්ම හසිත බෝයාගොඩ , ඉෂාන් ජයරත්න හා කසුන් විදුර ශතක රැස්කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී උස්මාන් ඉෂාක් , චමින්ද බණ්ඩාර හා මොහොමඩ් ශිරාෂ් කඩුලු 5 බැගින් බිදහෙලන්නට සමත් විය.
අද දිනයේ පැවති තරග 12හි ලකුණු සාරාංශය
SSC හා Police SC අතර තරඟය
එස්.එස්.සී ක්‍රීඩා සමාජය : 339-4 (50.0)
චරිත් අසලංක* 178(145), සම්මු අශාන් 51(23), අවිශ්ක ප්‍රනාන්දු 45(58)
මනුජ ජයවර්ධන 2/62, සුජාන් මයුර 2/64
පොලිස් ක්‍රීඩා සමාජය : 295-9 (48.0)
සුපුන් මදුශංක 89(48), අසෙල් සිගේරා 75(93)
ප්‍රභාත් ජයසූරිය 3/42, ජෙෆ්රි වැන්ඩසේ 2/42
ඩක්වත් ලුවිස් න්‍යායට අනුව SSC ක්‍රීඩා සමාජයට ලකුණු 31ක ජයක්.
Colts CC හා Moors SC අතර තරඟය
කෝල්ට්ස් ක්‍රිඩා සමාජය : 263-9 (50.0)
ජෙහාන් ඩැනියල් 79(86), හර්ෂ රාජපක්ෂ 50(64), ධනංජය ලක්ෂාන් 41(51)
දිලේෂ් ගුණරත්න 3/44, සචිත්ර සේරසිංහ 3/45
මුවර්ස් ක්‍රීඩා සමාජය : 176-9 (40.3)
මහේල උඩවත්ත 63(75), අදීෂ තිලංචන* 55(71)
සංගීත් කුරේ 3/39, ධනංජය ලක්ෂාන් 2/38
ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 74ක ජයක්.
Negombo CC හා Ace Capital CC අතර තරඟය
මීගමුව ක්‍රීඩා සමාජය : 224-10 (47.1)
ඇන්ජිලෝ ජයසිංහ 77(101), ලහිරු මිලන්ත 63(61)
කවිදු රිද්මාල් 4/48, රජීව විජේසිංහ 3/46
ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය : 182-10 (40.0)
ඉරෝෂ් සමරනායක 67(85), ඉෂාන් රංගන 26(29)
නිෂාන් පීරිස් 3/29, නිසල තාරක 3/60, රොෂේන් ප්‍රනාන්දු 2/21
මීගමුව ක්‍රීඩා සමාජයට ලකුණු 42ක ජයක්.
Tamil Union CC හා Kaluthara TC අතර තරඟය
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය : 292-7(49.0)
සිතර ගිම්හාන් 62(69), දිල්රුවන් පෙරේරා* 55(52), සදීර සමරවික්‍රම 54(49)
ආර්. පුංචිහේවා 2/72, මිතුන් ජයවික්‍රම 1/28
කලුතර නාගරික ක්‍රීඩා සමාජය : 126-8 (37.0)
ආර්. පුංචිහේවා* 27(21)
ප්‍රමෝද් මදුෂාන් 3/30, මධුක ලියනපතිරණගේ 2/24
ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට ලකුණු 134ක ජයක්.
NCC හා Nugegoda SC අතර තරඟය
එන්.සී.සී ක්‍රීඩා සමාජය : 375-5 (50.0)
හසිත බෝයාගොඩ 101(120), කවීන් බණ්ඩාර 85(64), ලහිරු උදාර 64(73)
විකුම් සංජය 2/61
නුගේගොඩ ක්‍රීඩා සමාජය : 211 (40.3)
මාලිංග මාලිගස්පේ 37(45), ප්‍රමූද් හෙට්ටිවත්ත 36(40)
ඇන්ජිලෝ පෙරේරා 3/50, ලහිරු කුමාර 2/18, චාමික කරුණාරත්න 2/29
එන්.සී.සී ක්‍රීඩා සමාජයට ලකුණු 164ක ජයක්.
Ragama CC හා Lankan CC අතර තරඟය
ලන්කන් ක්‍රීඩා සමාජය : 229-8 (50.0)
ගීත් කුමාර* 73(74), සවන් කන්කානම්ගේ 40(65)
බිනුර ප්‍රනාන්දු 2/35, ජනක සම්පත් 2/36, අමිල අපොන්සු 2/43
රාගම ක්‍රීඩා සමාජය : 222-5 (44.0)
ඉෂාන් ජයරත්න* 105(72), ජනිත් ලියනගේ* 60(91)
සන්ජික රිද්ම 2/39, දමිත සිල්වා 1/32
රාගම ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්.
Panadura SC හා Navy SC අතර තරඟය
පානදුර ක්‍රීඩා සමාජය : 220-10 (47.2)
කෝෂාන් ධනුෂ්ක 41(28), නිමේෂ් විමුක්ති 38(47)
බුද්ධික මදුෂාන් 3/34, පසිදු මදුෂාන් 3/40, චමෝද් බටගේ 3/55
නාවික හමුදා ක්‍රීඩා සමාජය : 154-4 (28.0)
අරවින්ද අකුරුගොඩ 63(71), බුද්ධික මදුෂාන් 45(36)
නිමේෂ් විමුක්ති 2/38
ඩක්වත් ලුවිස් න්‍යාය අනුව නාවික හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 35ක ජයක්.
CCC හා Bloomfield CC අතර තරඟය
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය : 274-8 (50.0)
හර්ෂ විතාන 79(94), සචින් ජයවර්ධන 62(75), මිෂේන් සිල්වා 44(46)
මලින්ද පුෂ්පකුමාර 3/52, චමිදු විජේසිංහ 1/32
කොළඹ ක්‍රීඩා සමාජය : 196-10 (39.2)
චමිදු විජේසිංහ* 48(57), මලින්ද පුෂ්පකුමාර 29(34)
උස්මාන් ඉෂාක් 5/37, ඉයන් ඩැනියල් 2/43
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ලකුණු 78ක ජයක්.
Army SC හා Badureliya SC අතර තරඟය
යුධහමුදා ක්‍රීඩා සමාජය : 209-10 (47.5)
තිසර පෙරේරා 68(61), අෂාන් රන්දික 63(83)
රුචිර කෝෂිත 3/33, අලංකාර සිල්වා 2/29, ගමිදු කණිෂ්ක 2/36
බදුරලිය ක්‍රීඩා සමාජය : 99-3 (18.3)
සදුන් වීරක්කොඩි* 70(60), දිල්ෂාන් ද සොයිසා* 15(27)
සුමින්ද ලක්ෂාන් 2/14
තරගය විසදුමකින් තොරව අවසන් විය.
BRC හා Air Force SC අතර තරඟය
BRC ක්‍රීඩා සමාජය : 112-10 (34.1)
රමින්ද විජේසූරිය 35(41), ලියෝ ෆ්රැන්සිස්කෝ 30(56)
අනුක් ද සිල්වා 3/33, රවිදු සෙම්බකුට්ටිගේ 1/5, සංජය රණවීර 1/10
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය : 76-10 (23.5)
දිනිත සිරිවර්ධන 14(38)
මොහොමඩ් ශිරාෂ් 5/34, උමේෂ්ක මොරායස් 2/8
BRC ක්‍රීඩා සමාජයට ලකුණු 36ක ජයක්.
Kurunegala YCC හා Saracens SC අතර තරඟය
කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය : 180-9 (47.0)
ලහිරු ජයන්ත 29(48), රවීන්ද්‍ර කරුණාරත්න 25(53)
චමින්ද බණ්ඩාර 5/39, ආකාෂ් සේනාරත්න 2/18, උදිත් මදුෂාන් 2/47
සැරසන්ස් ක්‍රීඩා සමාජය : 148-7 (41.0)
ප්‍රමෝද් මදුවන්ත 45(90), හේෂාන් රාමනායක 40(69)
නිමසර අතරගල්ල 3/32, ලහිරු ජයරත්න 1/14
ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයට ලකුණු 6ක ජයක්.
Chilaw MCC හා Galle CC අතර තරඟය
හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය : 241-5 (50.0)
කසුන් විදුර* 107(102), ලසිත් ක්රෝස්පුල්ලෙ 54(68), පුලින තරංග 45(41)
රවිශ්ක විජේසිරි 2/40, රජිත් ප්‍රියාන් 2/44
ගාල්ල ක්‍රීඩා සමාජය : 240-10 (41.0)
එරංග රත්නායක 59(60), රාජු ගයාෂාන් 55(47)
තික්ෂිල ද සිල්වා 3/36, පුලින තරංග 2/49, රවීන් යසස් 1/7
සටහන – Creeda Sports Network
හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එක් ලකුණක තියුණු ජයක්.[/vc_column_text][/vc_column][/vc_row]