පළමු පෙළ ක්‍රිකට් අගෝස්තු 10 දා සිට…

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 2019-20 තරගාවලියේ ව්‍යුහය තුළ වෙනස්කම් දෙකක් සිදුකිරීම සඳහා 28 වෙනිදා රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින්ගේ අති විශේෂ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී තිබේ.

අදාළ සංශෝධිතයන් අතර සිව් දින වශයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි 8 වටයේ තරග සියල්ල දින 3 තරග වශයෙන් පැවැත්වීම මෙන්ම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම් එම කාණ්ඩයේ උසස්වීම් ලබා දීම හෝ පහත දැමීම් අවලංගු කිරීමටද අද රැස්වුණු අති විශේෂ සභා රැස්වීමේදී තීරණය වී තිබේ. අදාළ තීරණය 2019-20 තරග වාරයට පමණක් වලංගු වන පරිදි ගෙන ඇත.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මාර්තු මස සිට නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ඒ අනුව යළිත් ලබන අගෝස්තු මස 10 වැනිදා සිට පැවැත්වෙනු ඇත. ඒ අනුව මෙම තරගාවලිය අදාළ වෛරස් තත්ත්වයෙන් පසු මෙරට ආරම්භ කරනු ලබන පළමු ක්‍රිකට් තරග ඉසව්ව බවට පත්වන අතර එය අගෝස්තු මස අවසන් 8සතියේ හෙවත් එම 27 වැනිදා දින වන විට පවත්වා අවසන් කිරීමට තරගාවලි සංවිධාන කමිටුව බලාපොරොත්තුවෙන් පසුවේ.

මාර්තු මස වන විට ටියර් A තරගාවලියේ මූලික වටයේ තරග අවසන් කිරීමට තරගාවලි සංවිධාන කමිටුවට හැකියාව ලැබුණු නමුත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් රට වසා දැමීමට පෙර මාර්තු 16 වැනි දින සියළු ක්‍රියාකාරකම් නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබිණ.

ඒ අනුව පළමු සතියේදී සී. සී. සී. සහ රාගම කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේදීද, කෝල්ට්ස් සහ සැරසන්ස් පී. සරා පිටියේද, යුද හමුදා සහ එන්. සී. සී. එස්. එස්. සී. පිටියේදීද සහ බී. ආර්. සී. සහ හලාවත මේරියන්ස් සී. සී. සී. පිටියේදීද තරග වදිනු ඇත.

 

සුපිරි 8 වටයේ තරග කාල සටහන

දිනය සත්කාරක පිළ ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය
අගෝස්තු10-11-12 සී.සී.සී රාගම කටුනායක
  කෝල්ට්ස් සැරසන්ස් පී.සරා
  යුද හමුදාව එන්. සී. සී. එස්. එස්. සී.
  බී.ආර්.සී. හලාවත මේරියන්ස් සී.සී.සී
අගෝස්තු 15-16-17  සැරසන්ස් සී.සී.සී. එස්. එස්. සී.
  රාගම කෝල්ට්ස් සී.සී.සී.
  හලාවත මේරියන්ස් යුද හමුදාව පී.සරා
  එන්.සී.සී. බී.ආර්.සී. කටුනායක
අගෝස්තු 20-21-22 සී.සී.සී. එන්. සී. සී. පී.සරා
  කෝල්ට්ස් හලාවත මේරියන්ස් එස්.එස්.සී.
යුද හමුදාව රාගම සී.සී.සී.
බී.ආර්.සී. සැරසන්ස් කටුනායක
අගෝස්තු 25-26-27 හලාවත මේරියන්ස් සී.සී.සී. එස්. එස්. සී.
  එන්. සී. සී. කෝල්ට්ස් සී.සී.සී.
  සැරසන්ස් යුද හමුදාව කටුනායක
  රාගම බී.ආර්.සී. පී.සරා

ප්ලේට් තරග වටයේ කාල සටහන

දින සත්කාරක පිල ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය
අගෝස්තු 10-11-12 මීගමුව ලන්කන් මොරටුව
  එස්.එස්.සී. ටැමිල් යුනියන් එන්.සී.සී
  මුවර්ස් බදුරලිය කෝල්ට්ස්
අගෝස්තු16-17-18 බදුරලිය මීගමුව එන්.සී.සී.
  ලන්කන් එස්.එස්.සී. කෝල්ට්ස්
  ටැමිල් යුනින් මුවර්ස් මොරටුව
අගෝස්තු 22-23-24 මීගමුව ටැමිල් යුනියන් කෝල්ට්ස්
  එස්.සී.සී. බදුරලිය මොරටුව
මුවර්ස් ලන්කන් එන්.සී.සී.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top