පාකිස්තාන පන්දු යවන්නන් නවසීලන්තය ඉදිරියේ අසරණ වෙයි

[vc_row][vc_column][vc_column_text]

එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් පුහුණු තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතරයි. හයිද්‍රාබාද් හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 345ක් රැස්කිරීමට සමත් විය. එහිදී මොහොමඩ් රිස්වාන් පන්දු 94කදී හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 103ක් රැස්කොට සිටියදී ඉනීම නවතා දැමුවේය. නායක බාබර් අසාම් පන්දු 84කදී ලකුණු 80ක් රැස්කිරීමට සමත් විය. සෞඩ් ශකීල් පන්දු 53කදී වේගවත් ලකුණු 75ක් හා අගා සල්මන් පන්දු 23කදී ලකුණු 33ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී මිචෙල් සැට්නර් ලකුණු 39ට කඩුලු 2 දවාගත්තේය.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට හසන් අලීට හැකිවිය. අනතුරුව පිටියට එක්වූ කේන් විලියම්සන් හා රචින් රවීන්ද්‍ර දෙවන කඩුල්ලට ලකුණු 179ක් එක් කළහ. රචින් රවීන්ද්‍ර පන්දු 72කදී හතරේ පහර 16ක් හා හයේ පහරක් සමගින් ලකුණු 97ක් රැස්කිරීමට සමත් විය. කේන් විලියම්සන් පන්දු 50කදී ලකුණු 54යි. ඩැරල් මිචෙල් පන්දු 57කදී ලකුණු 59යි. ඔවුන් දෙදෙනාම ඉනීම අත්හිටුවා සෙසු පිතිකරුවන්ට අවස්ථාව දුන්හ. ජිමී නීෂම් හා මාක් චැප්මන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් තරගය සාර්ථකව අවසන් කළහ. නීෂම් පන්දු 21කදී වේගවත් ලකුණු 33ක්ද මාක් චැප්මන් පන්දු 41කදී හතරේ පහර 6ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 65ක්ද රැස්කිරීමට සමත් විය. ඒ අනුව නවසීලන්තය කඩුලු 5ක් දැවී තිබියදී ලකුණු 346ක් රැස්කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ පපන්දුවාර 43 පන්දු 4ක් පමණක් වැය කරමිනි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top