ශ්රී ලංකා වවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඊයේ කරච්චිහිදී පැවැත්විණි. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන් පන්දුවාර 46 පන්දු 5ක් තුළ කඩුලු 10ම දැවී ලකුණු 254ක් රැස්කිරීමට සමත් විය.
එහිදී අරෆට් මින්හාස් පන්දු 66කදී හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 95ක් රැස්කරද්දී ශාමිල් හුසේන් ලකුණු 53කින් පාකිස්තාන ඉනීම ශක්තිමත් කළේය. පන්දු යැවීමේදී ශ්රී ලංකා යොවුන් පිළ වෙනුවෙන් ගරුක සංකේත් ලකුණු 38ට කඩුලු 3ක් ද රුවිෂාන් පෙරේරා ලකුණු 49ට කඩුලු 3ක් ද බිදහෙලීය.
ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ශ්රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 43 පන්දු 4කදී සියලු ක්රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 195ක් පමණි. එහිදී පුලිදු පෙරේරා ලකුණු 36ක් හා රවිෂාන් ද සිල්වා ලකුණු 32ක් ද රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් උබයිද් ශාහ් හා අහමඩ් හුසේන් කඩුලු 3 බැගින් බිදහෙලීය. ඒ අනුව තරගාවලිය තරගය බැගින් දෙපිළම ජයගෙන සිටියි.
Scores in brief:
Pakistan U19 won by 59 runs
Pakistan U19 254 all out, 46.5 overs (Arafat Minhas 95, Shamyl Hussain 53; Garuka Sanketh 3-38, Ruvishan Perera 3-49)
Sri Lanka U19 195 all out, 43.4 overs (Pulindu Perera 36, Ravishan de Silva 32; Ubaid Shah 3-34, Ahmed Hussain 3-42, Naveed Ahmed Khan 2-30)
Player of the match – Arafat Minhas (Pakistan U19)