[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්රිකට් තරගාවලියේ පළමු අවසන් පුර්ව පූර්ව තරගය පැවැත්වුණේ නවසීලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් අතර. ඒ සිඩ්නි ක්රිකට් ක්රීඩාංගණයේ දී.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු කඩුලූ 4 ක් දැවී ලකුණු එකසිය 152 ක් රැස් කළා. ඩැරල් මිචෙල් ලකුණු 53 යි. නායක කේන් විලියම්සන් ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩී කඩුලු 2 ක් දවා ගත්තා.
තරඟය ජය ගැනීමට ලකුණු 153 ක ඉලක්කයක් සමග පකිස්ථාන ඉනිම ආරම්භ කළේ මොහොමඩ් රිස්වාන් සමඟ බාබර් අසාම්.ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ගොඩ නැගු සබඳතාව ලකුණු 105 ක්. බාබර් අසාම් ලකුණු 53 කට දැවී ගියා. පන්දු 42 කදී ගොඩ නැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 7 ඇතුළත්. මොහොමඩ් රිස්වාන් පන්දු 43 කදී ලකුණු 57 ක් රැස් කලේ පහර 5ක් සමඟ.
පාකිස්තානය තරගය ජය ගත්තේ පන්දු වාර 19 යි පන්දවක් අවසානයේ කඩුලු 7 දැවී ලකුණු 153 රැස් කරමින්. ඒ අනුව පාකිස්තානය තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා. පාකිස්තානය ලෝක කුසලාන 20/20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයයි. ඔවුන් 2007 වසරේදී එහි අනු ශූරතාව දිනා ගත් අතර 2009 වසරේදී ශූරතාව දිනා ගත්තා. මෙවර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට පැවැත්වුණේ ඉන්දියාව සහ එංගලන්තය අතර.[/vc_column_text][/vc_column][/vc_row]