Headline

පාසල් දැල්පන්දු ශූරතාවය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට

31වන නෙස්ලේ පාසල් දැල්පන්දු තරගාවලියේ A කොටසේ සමස්ත ශූරතාවය දිනාගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමත් වුණා.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ දී වයස් කාණ්ඩ 4න් 3කම ශූරතාවය දිනාගනිමින් සමස්ත ශූරියන් ලෙසින් කිරුලු දරන්නට මලියදේව බාලිකාවන්ට හැකියාව ලැබුණා.

ඒ අනුව අන්තර් පාසල් දැල්පන්දු තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවන වරටත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට හිමිවුණා. මෙම තරගාවලිය වෙනුවෙන් පාසල් ක්‍රීඩිකාවන් 4000කට අධික පිරිසක් සහභාගි වුණා.

ශූරතාවය දිනූ කණ්ඩායම්
13න් පහළ, 15න් පහළ සහ 19න් පහළ වයස් කාණ්ඩ 4ම – මලියදේව බාලිකා විද්‍යාලය
17න් පහළ – මහනුවර මහාමයා විද්‍යාලය

අනුශූරතාවය දිනූ කණ්ඩායම්
13න් පහළ – දේවි බාලිකා විද්‍යාලය
15න් පහළ – නුගේගොඩ අනුලා විද්‍යාලය
17න් පහළ – මියුසියස් විද්‍යාලය
19න් පහළ – කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

Back To Top