[vc_row][vc_column][vc_column_text]විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණු තරගය අද දින කැන්බරාක්රීඩාංගණයේ රාත්‍රී තරගයක් ලෙස පැවති අතර තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයල් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා සභාපතිගේ පිල සමත්විය.
ලකුණු 132ක ඉල්ලකයක් හඹා ගිය සභාපතිගේ කණ්ඩායමට ඉලක්කට සපුරා ගැනීමට අවසාන පන්දුව තෙක් ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකාපන්දු යවන බලඇණිය අවසාන මොහොත තෙක් ඉතා හොඳ සටනක් ලබා දීමට සමත් විය.
ලසිත් මාලිංග වෙනුවට කණ්ඩායමේ උපනායක නිරෝශන් දික්වැල්ල අද දින නායකත්ව වගකීම බාරගත් අතට ඔස්ට්‍රේලියානු සභාපතිගේකණ්ඩායම ඩැනී ක්‍රිස්ටියන් විසින් නායකත්වය මෙහෙයවීය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක නිරෝශන් දික්වැල්ල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය.ඒ අනුව පිටියට පිවිසී ශ්‍රී ලංකාපිළට නියමිත පන්දුවාර විස්ස තුලදී රැස් කරගැනීමට හැකි වුයේ ලකුණු 131කි.
ආරම්භක සබඳතාව ලකුනු 10 කට සීමා කරමින් ධනුශ්ක ගුණතිලක ලකුනු 7කට දැවී ගිය අතර ආබාධයකින් පසු යලි කණ්ඩායමට පිවිසිකුසල් මෙන්ඩිස් හටද ලබාගැනීමට හැකිව තිබුනේ ලකුණු 7 ක් පමණි. භානුක රාජපක්ෂ හයේ පහරවල් සහ හතරේ පහරවල් දෙකක්සමගින් පන්දු 17ක දී ලකුණු 27ක් රැස් කර දැවීයද්දී යම් තාක් හෝ සාර්ථක ඉනිමක් දියත්කල ඕශධ ප්‍රනාන්දු පන්දු 28කදී ලකුණු 35ක්කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් විය.
නායක දික්වැල්ල ලකුනු 11 කට ද දසුන් ශානක ලකුනු 7කටද දැවීයද්දී ඉනිම යම්තාක් හෝ ගෞරවාන්විත තැනකට ගෙන ඒමට ඉනිමේඅවසාන භාගයේදී උත්සාහ දැරූ වනිදු හසරංග ලකුණු 28ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු සභාපතිගේ කණ්ඩායම වෙනුවෙන් ඩීජාලී බ්ලූම්ෆීල්ඩ් හා ඩැනී ක්‍රිස්ටියන් අතරේ කඩුලු 2 බැගින් බෙදීගියඅතර පීටර් සිඩ්ල්, ෆාවඩ් අහමඩ් හා ඩැනියල් ෆෝලින්ස් එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 132ක් අවැසිව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු සභාපතිගේ පිලේ පිතිකරුවන්ට ආරම්භයේ සිටම ඉතා හොඳපීඩනයක් එල්ල කිරීමට කසුන් රාජිත ඇතුලු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර එහි ප්‍රථිපලයක් ලෙස මුල් පෙල කඩුලු 4ම ලකුණු 49ක්තුල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමන්විත විය.
එහෙත් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි හැරී නෙල්සන් එක් අන්තයක සිට නොදැවී සිය කාර්‍ය්භාරය මනාව ඉටු කල අතර අනෙක්අන්තයෙන් කඩුලු බිඳ වටෙද්දී ඔහු සිය කඩුල්ල ආරක්ෂා කරමින් ඉලක්කය හඹා යමින් සිටියේය.
සභාපතිගේ කණ්ඩායමේ හැරී නෙල්සන් හැරුනු විට වෙනත් එකදු ක්‍රීඩකයෙක් හෝ ලකුණු 15 සීමාව පවා පසු කිරීමට අපොහොසත් විය.
අවසාන පන්දුවාරයේ ලකුණු 10ක් රැස් කිරීමට තිබූ අතර විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල හැරී නෙල්සන් අවසාන පන්දුවාරයේ දැවී ගියද එය ශ්‍රීලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.
ඔහු පන්දු 50කදී ලකුණු 79ක් රැස් කලේ හතරේ පහරවල් 9ක් සහ එක් හයේ පහරක් සමගිනි.
පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත කඩුලු 3 බැගින් දවාගනිද්දී නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාර කඩුල්ල බැගින් දවාගත්තේය.
තරඟාවලියේ පලමු තරගය ඔක්තෝබර් 27වන දින බ්‍රිස්බේන් හිදී පැවත්වීමට නියමිත අතර දෙරට අතර උණුසුම් තරඟාවලියක් නැරඹීමටක්රීඩා රසිකයන් ඉතා උනන්දුවෙන් සිටී.
ලකුණු සටහන
ශ්‍රී ලංකා කණ්ඩායම – 131-8 (20)
ඕශධ ප්‍රනාන්දු 38, වනිදු හසරංග 26, භානුක රාජපක්ෂ 24, ඩාලි බ්ලූම්ෆීල්ඩ් 2/17, ඩැනී ක්‍රිස්ටියන් 2/16
ඔස්ට්‍රේලියානු සභාපති පිල 131/9 (20)
හැරී නෙල්සන් 79, ඩැනී ක්‍රිස්ටියන් 13, ලක්ෂාන් සඳකැන් 3/21 , කසුන් රාජිත 3/21
ඔස්ට්‍රේලියානු සභාපති පිලට එක් කඩුල්ලක ජයක් හිමිවිය.
තරගාවලියේ සියලුම චායාරුප , තතු හා තරග වාර්තා ඔබ වෙතට රැගෙන ඒමට Sports Photography.Lk සූදානමින් සිටියි. රැඳී සිටින්න www.sportsphotography.Lk සමඟ.[/vc_column_text][/vc_column][/vc_row]