ICC ලෝක කුසලාන 2023 තරඟාවලියේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලානයෙන් ඉවත්ව සිටින අතර ශ්‍රී ලංකාව තරගාවලිය තුළ තවමත් රැදී සිටින නමුත් අවසන් පූර්ව වටය පිළිබඳව බලා තබාගත නොහැකි තතත්වක ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටියි.
නමුත් මේ අතර තරගය නතර කිරීමට ඉඩ ඇති බවට වාර්තා පළ වී ඇත. දිල්ලි නුවර සහ ඒ අවට වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් බංගලිදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟය අත්හැරිය හැකියි. AQI එලෙසම පැවතුනහොත් තරඟය අතහැර දැමීමට සිදුවනු ඇත. තරඟය අතරතුර ක්‍රීඩකයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි මට්ටමට පරිසර දූෂණය ඉහළ ගොස් ඇති බව විශේෂඥයින් පවසා ඇත.
එසේම, උග්රවන දූෂක ද්‍රව්‍ය සමඟ දුමාරය දිල්ලි නගරයේ අහස ආවරණය කරගෙන ඇත. මේ අතර, සුදු පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීම ගැටලුවක් විය හැකි බවත් දෘශ්‍යතා ගැටළුවක් ඇති කළ හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල සටහන් වී ඇත.