බංග්ලාදේශය පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට

[vc_row][vc_column][vc_column_text]වයස අවුදුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගායලියේ දෙවැනි අවසන් තරගයෙන් නවසීලන්තය පරදා ජය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීළන්තයට ආරාධනා කළා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 211 ක්. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් බෙකම් වීලර් ලකුණු 75 ක් රැස් කළේ 4 පහර 5 ක් සහ 6 පහර 2 ක් සමග. නිකලස් ලිඩ්ස් ටෝන් ලකුණු 44 යි. ෆර්ගස් ලෙල්මන් ලකුණු 24 ක් සහ ඔලිව් වයිට් ලකුණු 18 ක් රැස් කළා. පන්දු යැවීමේදී ෂරිෆුල් ඉස්ලාම් ලකුණු 45 කට කඩුලු 3 ක්දවා ගත්තා. ශමීම් හොසේන් සහ හසන් මුරාඩ් කඩුලු 2 බැගින් බිද හෙලුව‌ා.

පිලිතුරු ලෙස තරගය ජය ගැනීම සදහා ලකුණු 212 ක ඉලක්කයක් සමගින් බංග්ලාදේශ ඉනිම ආරම්භ කළේ පර්වීන් හොසේන් සහ තන්සිඩ් හසන්. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 23 ක් වන විට හසන් ලකුණු 3 කට දැවී ගියා. පර්වීන් හොසේන් ලකුණු 14 කට දැවී ගියේ බංග්ලාදේශ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස. අනතුරුව තුන්වැනි කඩුල්ල සදහා මහමුදුල් හසන් ජෝයි සහ තව්හිඩ් හ්‍රිදෝයි ලකුණු 101 ක සබධතාවක් ගොඩ නැගුවා. හ්‍රිදෝයි දැවී ගියේ බංග්ලාදේශ ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙස. ඔහු ලකුණු 40 ක් රැස් කළා.

බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ මහමුදුල් හසන් ජෝයි තම සිව්වැනි යොවුන් එක්දින ශතකය වාර්තා කිරීම විශේෂත්වයක්. ඔහු පන්දු 127 කට මුහුණ දෙමින් ලකුණු 100 ක් රැස් කළේ 4 පහර 13 ක් සමගින්. ඔහු සිව්වැනි කඩුල්ල ලෙස දැවී යන විට බංග්ලදේශ ලකුණු පුවරුව 201 ක් ලෙස සටහන්ව තිබුණා. බංග්ලාදේශ කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 44 යි පන්දුවක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 215 ක් රැස් කරමින්. ශහදාත් හොසේන් නොදැවී ලකුණු 40 යි. තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 6 ක ජයක් හිමි වුණා. තරගයේ වීරයා මහමුදුල් හසන් ජෝයි.

මෙම ජයග්‍රහණයත් සමග බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට පිවිසියා. ඔවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට පිවිසි පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව මෙවර 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව‌ සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන්නේ ලබන 9 වැනිදායි

Photo Credits – ICC[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top